පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
"මැයි 22 සඳුදා ජනරජ දිනයේදී නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා එක්සත් ජනරජ පෙරමුණ නමින්. රට බංකොළොත්. රටේ පැවතිච්ච දේශපාලන පක්ෂත් දේශපාලන ක්‍රමයත් බංකොලොත් වුනා. අපේ වගකීමක් කියලා හිතනවා වේදිකාවක් තනන එක.
නැව එපා කියද්දී ගිල්ලුවේ 225ම නෙමෙයිනේ. ඒක කලේ ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම ඒ අවස්ථාවේ ඩයමන්ඩ් නැවටත් ඒ දේම කලා. ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ. අපි හිතන්නෑ දැන් මේකට වන්දි ගන්න පුළුවන් කියලා. අපි ඉල්ලනවා ඩොලර් මිලියන 6400ක්, හැබැයි ඩොලර් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් තමයි යෝජනා වෙලා තියෙන්නේ. මේකට අනිවාර්යයෙන්ම දවසක ජනතාවගේ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා.
ජනාධිපතිවරණයේදී අලුත් පරපුර දිනවන්න ඕනේ. පවතින රජයන්ට අපි මුක්කු ගහන්නෑ, ගහලත් නෑ. 30 අවුරුදු යුද්ධය අපි නැත්තම් කවදාවත් ඉවර වෙන්නෙ නෑ. අපි ණය බරින් බිඳ වැටිච්ච රාජ්‍ය ආයතන ගොඬනගපු අය. මේ ණය බරින් බිඳිච්ච රට අපිට ගොඩ නගන්න පුළුවන්. ඒක ඊළඟ අවුරුදු 3දී ගොඬනගන සැලැස්ම මේ 22 වෙනිදා ඉදිරිපත් කරනවා.
අපි බලයේ ඉන්න කාලේ කරලා පෙන්නුවනේ. අද කොළඹ කුණු ප්‍රශ්නේ ගැන කවුරුවත් කතා කරනවද? කොළඹ ගංවතුර ගැන කවුරුවත් කතා කරනවද? අපි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ විතරක් නෙමෙයි ඕන කෙනෙක්ගේ රටේ ඉදිරිගමනට යන සුදුසු දේවල් ගැන විපක්ෂ නායකවරයටත් අනිත් අයටත් අපි උදව් කරනවා."
0 Comments