
ඊයේ (1) රාත්‍රියේ කොළඹ වරායේ හයවන ගේට්ටුව ආසන්නයේදී ඉඟුරු කඩේ හන්දිය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.
මෙම වෙඩි තැබීමට හේතුව යකඩ සොරකමට ආ පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ගැටුමකි.
පොලිසිය පැවසුවේ කොළඹ වරාය ආසන්නයේ පිහිටි මාර්ග සංවර්ධන වැඩබිමක යකඩ සොරකම් කිරීමට පැමිණි පිරිසකට එම ස්ථානයේ සේවයේ නිරත වූ පෞද්ගලික අංශ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් ප්‍රශ්න කිරීමට යාමේදී එම ස්ථානයට පැමිණි බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් සහ එම ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බවද
පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට එහිදී පිරිසක් උත්සහ දරා ඇති බවද වාර්තා විය.
එම අවස්ථාවේදී පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් එම පිරිසට වෙඩි තබා ඇති අතර
එම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 9 දෙනෙකි. ඒ අය අතර වයස 18-62 අතර කාන්තාවන් 4 ක් හා පිරිමින් 5 කි.ඔවුන් දැනට රෝහල් ගත කර ඇත.
කොළඹ වරාය හරහා මේ දිනවල ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබුණ යකඩ සොරකම් කිරීමට මෙම පිරිස උත්සාහ දරා ඇතැයි වාර්තා විය.
සොරකමකට පැමිණි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval