covid-gmoa

කෝවිඩ් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවත්, එහෙත්  ගර්භිණී මව්වරුන් හා වයස්ගත පිරිස් බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  මේ වනවිට සුළු වශයෙන් කෝඩ් රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවත්, පොදුවේ පසුගිය කාලයේදී මෙරටේ සැලකිය යුතු පිරිසකට කෝඩ් ආසාදනය වී තිබෙන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

මීට අමතරව සැලකිය යුතු පිරිසක් කෝව්ඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන තිබෙන බවත්,

කෝව්ඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වීමක් සිදු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංයේ ස්ථාපිත කර තිබෙන කෝවිඩ් තාක්‍ෂණික කමිටුව රැස් වී අවශ්‍ය තීන්දු තීරණගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝව්ඩ් රෝගීන් සුළු වශයෙන් වාර්තා වන නිසා ගැබිනි මවුවරුන් හා දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් හා වකුගඩු රෝගීන් සභා වයස්ගත පුද්ගලයන් මුහුණු ආවරණ පැලඳීම, දෑත් සේදීම දුරස්ථභාවය තබා ගැනීම වැදගත් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ගෙවීගිය සමස්ත කාලය තුළදී මෙරටින් කෝවිඩ් රෝගීන් 672,183ක් වාර්තා වී තිබෙන බවට වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යලේඛනවල සඳහන් වේ. මෙම පිරිසෙන් 28දෙනෙකු මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබා ගනිමින් තිබෙන අතර,

කෝවිඩ් බවට සැකකරන රෝගීන් 02ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබා  ගනිමින් සිටින අතර, සමස්ත කාලය තුළදී කෝවිඩ් රෝගය නිසා පුද්ගල මරණ 16844ක් වාර්තා වී තිබේ.

එසේම කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,143,761ක් ලබාගෙන තිබෙන අතර, දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 14,752,827ක් හා තුන්වැනි මාත්‍රාව පුද්ගලයන් 8,220,002ක් ලබා ගෙන තිබෙන බවත්, හතරවැනි මාත්‍රාව පුද්ගලයන් 202,571ක් ලබා ගෙන ඇත. සමස්ත කෝවිඩ් මරණ 16,844 සැලකීමේදී පිරිමි මරණ 9,498ක් වාර්තා වී තිබෙන අතර, 7,346ක් කාන්තාවන් වේ. මෙම මරණ සැලකීමේදී 76.28%ක් වයස් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර, 22,40%ක් වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන පිරිස් වන බවත්, 1.32%ක් වයස අවුරුදු 30ට අඩු පිරිස් බවත් වාර්තා වේ.

 ඉන්දික හේවාවිතාරණ