dematagoda-incident

මුදල් ආරවුලක් මත කාන්තාවක සහ පිරිමියකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි, අධ්‍යක්ෂ (බුද්ධි) පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මග පෙන්වීම පරිදි, සහකාර පොලිස් අධිකාරි (බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත, ජයවර්ධනපුර කඳවුරේ පොලිස් සැරයන් ඩබ්.ජී.අයි. වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත.



පැහැර ගැනීමට ලක්වූ කාන්තාව සහ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අතර, සැකකරුවන් පිරිස අතර සිටින පුද්ගලයකුගේ පෙම්වතිය එහි ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පැහැර ගැනීමට ලක්වූ කාන්තාව සහ පිරිමියා ඔවුන්ට තර්ජන ඇති බවට දෙමටගොඩ පොලීසියට පැමිණිලි කර පිටව යෑමේදී මෙම පැහැර ගැනීම සිදු කර තිබූ බව පොලීසිය කියයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ, වත්තල පදිංචි කාන්තාවක සහ මාකොළ දකුණ මාකොළ පදිංචි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුහු අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසු වෙති. සැකකරුවන් ආ පැහැර ගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයට බාර දී ඇත.
 බිමල් ශනමන් ජයසිංහ