රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇත. මෙතෙක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 19 ක් පමණක් වූ අතර, රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් අධිඅවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බවද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි. වාද්දුව, උඩුනුවර, වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම, බදුල්ල, කුරුවිට, කෑගල්ල ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බවද එම වැඩසටහන කියයි.
මේ අතර, ගෙවීගිය සතියේදී කොළඹින් 412 ක්, ගම්පහින් 475 ක්, කළුතරින් 125ක්, මහනුවරින් 13ක්, ගාල්ලෙන් 76 ක්, යාපනයෙන් 49ක්, මඩකළපුවෙන් 106 ක්, රත්නපුරයෙන් 64 ක් සහ කෑගල්ලෙන් 81 ක් ආදී වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ බවද ඩෙංගු මර්දන වැඩසටහන පවසයි. මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් එය වසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවැසීය. ඉකුත් දින 12 ඇතුළත ඩෙංගු රෝගින් 3,400ක් පමණ වාර්තා වී ඇති බවත්, මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 60ක පමණ වර්ධනයක් බවත් ඔහු සඳහන් කළේය.
අධි අවදානම් කලාප ලැයිස්තුව මේ සමග පළවේ.
0 Comments