dengue-issue-sri-lanka

දිගින් දිගටම රට තුළින් ඩෙංගු රෝගීන් වාර්තාවෙමින් තිබෙන බවත්, එහෙත් මදුරුවන් සම්බන්ධයෙන්  හා ජනතාවට හානි කරන කෘමීන් සම්බන්ධයෙන් සොයා බැලීමට රටටම සිටින්නේ නිලධාරින් 176ක් පමණක් බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාන්ගේ සංගමය සඳහන් කරයි. රට තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කාර්යාල 350ක් තිබෙන බවත්, මෙම  ආයතන තුළ, බරවා හා මැලේරියා ඒකකවල හා වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ කළුතර සෞඛ්‍ය විද්‍යායතනය තුළත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාර්න් සේවය කළ යුතු බවත් එම සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා පැවසීය.

මෙම සේවාවට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 19වැනිදා පුහුණුව අවසන් කළ නිලධාරින් 13දෙනෙකු තවමත් සේවාවට බඳවාගෙන නොමැති බවත්,

ක්‍ෂේත්‍රයේ රාජකාරි කරන නිලධාරින්ගේ කටයුතු සඳහා සහායක නිලධාරියෙකු පත් කළ යුතු වුවත්, මෙතෙක් එවැනි තනතුරක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය. ධූමායන කටයුතු, මදුරුවන් සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු, මදුරුවන් මිනිස් ශර්රයෙන් ලේ ඌරා බොන අවස්ථා පිළිබඳ පරීක්‍ෂණ හා ඩෙංගු රෝගියෙකු වාර්තා වූ පසු අදාළ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් පිළිබඳ සොයාබැලීම් ඇතුළු රාජකාර් ගණනාවක් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින් විසින් සිදුකරන බවද දිස්නක දිසානායක මහතා සඳහන් කළේය.

දිවයිනම ආවරණ වන පරිදි රාජකාරී කිරීමට නිලධාරීන් අඩු සංඛ්‍යාවක් සිටීම නිසා ක්‍ෂේත්‍ර රාජකාර් සඳහා දිනකට විශාල දුර ප්‍රමාණයක් ගමන් කළ යුතු බවත්, එහෙත් ඉන්ධන දීමනාවක් හෝ නිලධාරීන්ට ලබා නොදෙන අතර, පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමටවත් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.

සෑම වසරකදීම ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවත්, මේ වනවිට සමහර ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් සැලකිය යුතු ප්‍රමානයක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා අදාළ කටයුතු පාලනය කිරීම සඳහා නිලධාර්න් විශාල පිරිසක් සිටිය යුතු බවත් දිස්නක දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දික හේවාවිතාරණ