dilith-jayaweera-speaks

දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා පැවැති මැයි දින සමුළුවක් අමතා මෙසේ පැවසීය.

"මේ මැයි දින රැළි මම අවුරුදු 45 කට කළින් දැකපු මැයි දින රැළිම ඒ විදියටම පවතිනවා. අපේ තුන්වෙනි ලෝකේ රටේ ඒ කතන්දරේ ඒ විදියටම තියෙනවා. අද යථාර්ථය වී ඇත්තේ, ඔබ සියලු දෙනාම දන්නවා ඔබේ කුසේ යථාර්ථය, ඔබේ සාක්කුවේ යථාර්ථය ඔබට දැනෙන ඒ දුක.

ව්‍යාපාරිකයින්ට ඒක දැනෙනවා. විශාල ව්‍යාපාරිකයින්ට ඊටත් වැඩිය දැනෙනවා.

මේ රට අලුත් විසදුම් සෙවිය යුතුයි. එසේ නොමැතිව මේ රට ගොඩගන්න බෑ. තවත් අවුරුදු 50ක් අපිට මෙවැනි මැයි පෙළපාලිවල පිටිපස්සෙන් යන්නට පුළුවන් වෙයි. අපි ආර්ථිකය මරණය අභිමුඛව එළිපත්තේ සිටිමින් තමයි මේ ඉන්නේ. කවුරු කොහොම කිව්වත් අපිට අතිශය දුෂ්කර ආර්ථික පරිසරයක ජීවත් වෙන්නට සිදු වෙයි.

මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්තම් අපේ සාම්ප්‍රදායික දේශපාලකයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගන්නවා. ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්ව මනසක් ඇති පුද්ගලයින් එකතු කර ගෙන යම් කිසි නව ආඛ්‍යානයක් රටට හඳුන්වා දෙන්නට ඕනේ.

ගෝලීය ආර්ථිකය ඉතාමත් වේගයෙන් ඉදිරියට යමින් පවතිනවා. අපිට එහි කොටස්කරුවන් නොවී සිටීමට හැකියාවක් නැහැ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ මේ ව්‍යවසායකයින්ගෙන් හැදුනු රටක් නෙමෙයි. ව්‍යවසායකත්ව මනසක් ඇති රාජ්‍යයක් තීන්දු තීරණ ගන්නේ සියළු රට වැසියන්ගේ අභිවෘද්ධිය උදෙසා. ව්‍යවසායකයින්ගේ එකතුවකින් පුළුවන් අපිට ඒ බිම් මට්ටමේ වෙනස සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්න."