පරිගණකගත ක්‍රමවේදය හඳුන්වාදුන් 2014 පෙබරවාරි 28වැනිදා සිට 2023 අප්‍රේල් 11වැනිදා දක්වා ජාතික හැඳුනුම්පත් 4,121,290ක් නිකුත් කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. මෙම හැදුනුම්පත් අතර මේ වන තෙක් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කර නොමැති බවත්, ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බවත් එහිදී තහවුරු විය.
ඒ අනුව සැලසුම් කර ඇති පරිදි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් අදාළ මෘදුකාංගය හා අනෙකුත් උපකරණ 2025 ජනවාරි වන විට ප්‍රසම්පාදනය කර සැපයීමට නියමිතව තිබේ. එතැන් පටන් මිලියන 16ක් පමණ වූ පුරවැසියත් ලියාපදිංචි කර ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වසර 02කින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා විසින් මහප්ත ආරක්ෂක අමාත්‍යවරයාට මෙම ප්රශ්නය යොමු කර තිබූ අතර, ඒ අනුව අදාළ ප්‍රශ්න සඳහා සභාගත කිරීමෙන් ලද පිළිතුරු අනුව මෙම කරුණු අනාවරණය විය.
දිනේෂ් සමරකෝන්
0 Comments