දූෂණ චෝදනාවලට ලක් වූ බව කියන නිලධාරියකු දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) තනතුරට පත් කිරිමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (10) දුම්රිය ස්ථාන වැඩි සංඛ්‍යාවක් ප්‍රවේශපත් නිකුත් නොකළ අතර ඒ හේතුවෙන් මගීන් බොහෝ දෙනකුට දුම්රියේ නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමිවිය.
මේ අතර දුම්රිය ධාවනය ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවද එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. වර්ජනය පැවතුණ ද ඇතැම් දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් කළ ආකාරය දැකගත හැකි විය. හැටන්, ගම්පහ, කළුතර, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කළ බව මගීහු පවසති.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිතුත් කළේ කුමන හේතුවක් මතද යන්න නොදන්නා බවත් ඇතැම් විට එම දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් චෝදනා එල්ල වී ඇති නිලධාරියා සමඟ සම්බන්ධතා පවත්වන අය විය හැකි බවත්ය. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස දුම්රිය ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කළත් එය කඩාකප්පල් කිරීමේ කිසිදු වුවමනාවක් නොතිබූ බවත් සංකේත වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ බවත් සෝමරත්න මහතා කීය.
යොහාන් භාසුර
0 Comments