
QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාව ලබන 30 වනදා සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙයි.
ඒ, අනුව යතුරු පැදියක් සඳහා සතියක කාලයක් වෙනුවෙන් මෙතෙක් නිකුත් කළ ලීටර් 07 ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 14 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ත්‍රී රෝද සඳහා සතියකට නිකුත් කළ ලීටර් 8 ක ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ ලීටර් 14 ක් දක්වායි.
එමෙන්ම ලියාපදංචි කළ ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 15 ක ඉන්ධන කෝටාව ලීටර් 22 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 30 ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 දක්වා ඉහළ දමා තිබෙයි. එමෙන්ම බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60 ක ඉන්ධන ප්‍රමාණය සහ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 75 ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 125 ක් දක්වා ඉහළ දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval