gamini-priyantha-samarakoon

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු පැහැර ගෙන ගොස් පහර දී මහමඟ දමා ගිය සිදුවීමක් වැලිමඩින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණපෑවේ ඌවපරණගම, ලුණු අටලුගම පදිංචිකරුවෙක් වූ ගාමිණී ප්‍රියන්ත සමරකෝන්ය.

පෙරේදා සවස පා ගමනින් වැලිමඩ නුවරඑළිය මාර්ගයේ යමින් සිටි ගාමිණී වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයින් (සීසර්) තිදෙනෙක් සහ හෝටල් සේවකයෙකි.


තුන් වැනිදා සවස පැහැර ගෙනයාමෙන් පසු  පහර දී ඔහුව අත්හැර ගොස් තිබුනේ හපුතලේ මාර්ගය අතරමගය.
 ලැබුණ සාක්ෂි ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා සිදුවීමට සම්බන්ධව පස්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වාහන සීසර් වරුන් තිදෙනෙකු, හොටෙල් සේවකයෙකු සහ තවත් එක් පුද්ගලයෙකු සිටින බව වැලිමඩ පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ සිටින ටාසන් නැමැත්තෙකු විසින් මෙම පැහැරගැනීම මෙහෙයවා ඇති බවටනිෂ්පාදකවරයා පොලීසියට පවසා ඇත.
සැකකරුවන් විසින් පැහැර ගැනීමට යොදාගත් යොදා ගත් වෑන් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.
චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වනවිට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.  පැහැර ගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදු වී අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයා හඳුනන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම මැරයින් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවත්,

එම පුද්ගලයාත් වැලිමඩ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු තමන් සමග විරසකව සිටින බවත් ඔහු පොලිසියට  පවසා ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා කුලී මැරයින්  යොදවා තමන්ව පැහැර ගන්නට ඇති බවත් පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා  පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.