geetha-speaks

ප්‍රවීණ රංගන ශිල්පිනී රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවාය.

"16 හැවිරිදි ළමයෙක්ව තමයි මේ ඝාතනයට ලක් වෙලා තියෙන්නෙ. කිසිම වගකීමක් නැති පිරිසක් විසින් පවත්වාගෙන යන තැනක්. ඉතාම අඩු ඉඩ ප්‍රමාණයක හදන ලද කිසිදු අනුමතයක් නොලද තැනක්. පසුගිය දවස්වලත් පන්සලක බුදු පිළිමයක් යට දරුවෙක් දාලා ගිහින් තිබුනා.

පසුගිය දවස් ටිකේම අපිට අහන්න ලැබුනේ කාන්තාවන් විශාල පිරිසක් ඝාතනයට ලක් වෙනවා. හැම පළාතෙනම අපිට දැන ගන්න ලැබිලා තියෙනවා. පොලිසිය මීට වඩා ඉක්මණින් මැදිහත් වෙලා මේ පිළිබඳව කටයුතු කල යුතුයි. කළුතර දකුණ පොලීසියට මම කතා කරා.

ඒ වෙනකොට ඊට පහුවදාම මේ සැකකාරයව ඇල්ලුවා. මීට වඩා නීතිමය තත්වයකින් මේක පුළුල් විය යුතුයි.
ඇත්තටම මේ හෝටලේ ගැන මට පලවෙනි කාරණේ කියන්න කැමතියි. බාලිකාවක් මේ පැත්තේ කොන්වන්ට් එකක් අනිත් පැත්තේ තව විද්‍යාලයක් මෙතන පන්සලක් පල්ලියක් මේ හැම දෙයක්ම අවට මෙවැනි හෝටලයක් පවත්වාගෙන යෑම නීතී විරෝධී. කාගේ හස්තයද මේකේ පිටිපස්සේ තියෙන්නේ. එන දරුවොත් ඔවුන්ව නොදැනුවත් තත්වවලට පත් වෙනවා. පොලීසිය නොදැනුවත්ව ඔය වගේ තැන් පවත්වාගෙන යන්නත් බෑ. කවුරු වුනත් ඔහු විසින් මේ වැඩේ කලානම් ඔවුන්ට නිසි දඬුවම් ලැබිය යුතුයි.

අපි ඔවුන්ව දැනුවත් කරන්න ස්ටිකර් එකක් අලවලා තියෙනවා. මේ ස්ටිකර් එක හැම තැන්වලම ගහන්නයි අපි කල්පනා කරේ. හුඟක් අයට ප්‍රශ්නයක් වුනාම කාටද කියන්නෙ කියලා දන්නෑනේ. අපි දුරකතන නම්බර් එක දාලා ඉක්මනිණින්ම දැන් ස්ටිකර් එකක් දානවා. "