gnananga-gunawrdane-passed-away

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා ඊයේ (04) අභාවප්‍රාප්ත වී තිබේ.පසුගිය සමයේ අසනීප තත්වයෙන් කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියේය. මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ආරම්භක යුගයේ පටන් ඊට සම්බන්ධවූ ඥානාංග ගුණවර්ධන මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය 1000 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ දක්ෂ චරිතාංග නළුවෙකි.චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.


පරාක්‍රම ද සිල්වාගේ 'හෙවනැලි ඇද මිනිස්සු' ඔහුගේ පළමු චිත්‍රපටයයි. "සප්ත කන්‍යා", "කුලගෙය" සහ "සෙයිලම" චිත්‍රපටවලද ඔහු රඟපෑවේය. ඔහු රංගනයෙන් එක්වූ නෝනාවරුනි මහත්වරුනි, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව ආදී ටෙලිනාට්‍ය කථාබහට ලක්වූ ඒවාය.

ඒ මහතාගේ දේහය අද (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ රජරත්න මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතයි.