ශිෂ්‍යයෙකුගේ අනාගත අධ්‍යාපන ජයග්‍රහණ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සාර්ථකත්වය අතර කිසිදු සහසම්බන්ධයක් නොමැති බවට කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකාරක සභාවේදී නිරීක්ෂණය වී තිබේ.
එම අනුකාරක සභාවේ පළමු අතුරු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි මේ බව සඳහන් කර ඇත.ඒ අනුව අධ්‍යාපන ක්රමයේ විෂයමාලා සංශෝධනය කිරීමේ කාල පරතරය අඩු කිරීම සහ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් හා ගෝලීය ප්රවණතාවලට සමගාමීව විෂයමාලා වැඩිදියුණු කිරීම හා යාවත්කාලීන කිරීම සුදුසු යැයි එම අනු කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ඒ.එල්.එම්. අතාඋල්ලා මහතාගේ සභාපතීත්වයෙන් ආචාර්ය සුරේන් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකත්වය ඇතිව දැනටමත් සකස් කර ඇති අධ්‍යාපන සම්බන්ධ සියලු ප්‍රතිපත්ති සලකා බලා කාලරාමුවක් සහිත ජාතික ප්‍රතිපත්තියක් කිරිම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීම සහ යෝජිත වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා සංක්‍රාන්ති කාලයක් ලබාදීම සිදුකරන ලෙසද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මීට අමතරව සම්මත විෂය මාලාවක් හඳුන්වාදීමෙන් රාජ්‍ය පාසල්වලට පෙරපාසල් අනුයුක්ත කිරීමේ හැකියාව සොයා බැලීම, පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසුන් සහ වෘත්තීය පුහුණු ලබන සිසුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්ථාව විවෘත කිරීම සඳහා සංක්‍රාන්ති කාලයක් සහ උපාය මාර්ගයක් සහිත ප්‍රතිපත්තියක් සකස් කිරීම, විශ්වවිද්‍යාල පද්ධතියේ ධාර්තා සංවර්ධනය සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
දිනේෂ් සමරකෝන්
0 Comments