hakeem-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.



"ජනාධිපතිතුමන් මේ රටේ ප්‍රධානියා හැටියට කටයුතු කරාට එතුමා පොහොට්ටු සන්ධානයේ ග්‍රහණයට පත්වෙලා තියෙන තත්වයක් තිබෙන්නේ. පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් විදියටයි දකින්න තියෙන්නේ. අප කාටත් වගකීමක් තියෙනවා මේ රට ගොඩගැනීම සඳහා උපරිම පියවර කීපයක් ගන්න.

දූෂණ පිටු දැකීම සඳහා අලුතෙන් අල්ලස් පනතක් යෝජනා වෙලා තියෙනවා. මෑතකදී ගුවන් තොටුපලේදී වෙච්ච සිද්ධියත් එක්ක මන්ත්‍රීවරුන් සෑහෙන ලැජ්ජා වෙන විදියට මේ දේවල් සිදුවෙලා තියෙනවා. යම් විදියකට මේ පිළිබඳව රටට පණිවුඩයක් යා යුතුයි. ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මන්ත්‍රීවරුන් බිලිබාගැනීමෙන් බැහැර වෙලා ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා කරලා යම්කිසි විසඳුමකට එන්න.


විධායකයේ උවමනාවට ව්‍යවස්ථාදායකය පාවිච්චි කරන ප්‍රවණතාවය දිගටම පවතිනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ පාර්ලිම්න්තුවේ තියෙන බහුතරේ වෙනසක් වෙලා නෑ. සම්පූර්ණ ප්‍රජාත්‍රන්තවාදය හෑල්ලුවට ලක් කරලා තියෙනවා. මේකෙන් මිදී මැතිවරණ පිළිවෙතකට වහාම යා යුතුයි. කළින් ජනාධිපතිවරණයක් හරි අපිට ලබා දුන්නනම් යම් වෙනසක් ඇති වේවී. ස්වාධීන කොමිෂන් සභා කිව්වට ඒවට පත් කරලා තියෙන අයත් බොහෝදුරට තමතමන්ගේ හිතවතුන් හෙංචයියන් කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්. වෙනස මින් ඉදිරියට වේවිද නොවේවිද කියන ප්‍රශ්නයක් දැන් තරුණ සමාජය තුළ මතු වෙලා තිබෙනවා."