higurakgoda-air-port

හිඟුරක්ගොඩ ගුවන් තොටුපල ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය සැලසුම් කර තිබෙයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.



මෙම ගුවන් තොටුපල ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම තුළින් පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ශනයට අවස්ථාව හිමි වන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

අවම වශයෙන් A 330 ගුවන්යානා ගොඩ බැස්සවීමට හා නැංවීමට අත්‍යාවශ්‍ය ගුවන් තොටුපලේ ප්‍රධාන සංවර්ධන කටයුතු කිහිපයක් කඩිනමින් සිදුකල යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් සිදු කළ යුතු බව ද එහිදී සාකච්ඡාවට ලක් කර ඇත.