janaka-rathnayake-speaks

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
 


"මහජන උපයෝගීතා කොමිසම වෙනුවට ඉලෙක්ට්‍රිසිටි කමිෂන් කියලා අළුත් කොමිසමක් තියෙනවා. ඒක කැබිනට් මෙමරැන්ඩම් එකෙන් සාමාජිකයන්ට දෙන අයිතියක් නෙමෙයි. කිසිම දේකට කැබිනට් එකෙන් අවසර දීලා නෑ. මේකේ පළවෙනියට තියෙන්නේම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම. මේ පනතේ තියෙන්නේ විදුලි බල අමාත්‍යවරයට පුළුවන් අලුතෙන් සාමාජිකයින් පත් කරන්න එයාලව අයින් කරන්න.

ඩොක්ටර් සුසන්ත පෙරේරා කියන්නේ හිටපු සී.බී එකේ චෙයාර්මන් කෙනෙක්.

මෙයා තමයි 2018 දී තුර්කි නැවකින් විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍යය අවසරය දුන්න කොමිසමේ සභාපතිවරයා. සාමාජිකයින් වැඩ කරන්නේ තමන්ගේ අවශ්‍ය කාර්‍යය කරනවා මිසක් රටේ මහජනතාවගේ අභිවෘදිය සඳහා නොවෙයි. අලුතෙන් එන ඇක්ට් එකේ තියෙනවා ඉදිරියේදී මහවැලිය ලක්ෂපාන ජල බලාගාර පාලනය කරන කොම්පැණිවලට අවශ්‍ය විදියට ජලය නිකුත් කල යුතුයි කියලා. විදුලිය නිපදවීමට ජලය ලබා දීමට අනිවාර්‍යයෙන්ම මූලිකත්වය දෙන්න වෙනවා.



රජයට ව්‍යාපාර කරන්න බැරිනම් විදුලි බල මණ්ඩලේ කියල එක ආයතනයක් බලා ගන්න බැරිනම් කොහොමද මේක 14 කඩලා මේක කළමණාකරනය කරන්නේ? මේක තනිකර ඇස් බැන්දුමක්. රජයට වෙන්නෙ මේ බිලියන ගානක පාඩුව දරාගෙන ට්‍රිලියන ගානක වත්කම් ප්‍රමාණයක් නැති කර ගැනීම. මේ ප්‍රතිව්‍යූහගත කිරීම කිසි දෙයක් මේ ඉන්න දේශපාලකයින් දන්නෙ නෑ. මේක රජයේ දේපොළ විකිණීම සඳහා යෝජනා කරන යෝජනාවලියක්."