johnston-sathosa

අල්ලස් කොමිසම විසින් ගොනුකළ රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම සම්බන්ධ නඩුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණය අද තීරණය කළේය.


වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු එහි චෝදනාවට ලක්වූ අතර කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ වෙත මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින්  මූලික විරෝධතා වලට විනිසුරු එකඟ වූයේය.
අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලදි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2011 වසරේ ජනවාරි පළමුවන දින හා දෙසැම්බර් 31 දින අතර කාලය තුළදී වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතන සේවකයින් නීත්‍යනුකූල රාජකාරිවලින් බැහැර කර පුද්ගලික සේවාවල යොදවා සතොස ආයතනය මඟින් අතිකාල ලබාදීම තුළින් රජයට රුපියල් 5989398.18 ක මුල්‍යමය පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනතේ දූෂණ යම් වරද සිදු කිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.