kalutara--girl-update

කළුතර සිසුවියක ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකයට භාජනයවී තිබෙන විසිනව හැවිරිදි ගයාන් ධනුෂ්ක සහබන්දු නැමැති පුද්ගලයා පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට පත්මුල් දිනයේ ලබාදී තිබෙන පාපොච්චාරණය මෙසේය.
ධනුෂ්ක විවාහ දෙකක් සිදු කරගෙන සිටින බවත් මුල් විවාහයේ දරු දෙන්නෙකු සිටින බවත් පවසා ඇත.කළුතර ඉසුරු උයන කුලී නිවාසයක දෙවන බිරිය සමග ජීවත්වෙමින් සිටින බවත් රැකියාව ලෙස සිසර් වරයෙකු ලෙසත් මුදල් පොලියට සපයන්නෙකු ලෙසත්
කටයුතු කරන බව දන්වා ඇත.
 සිද්ධියෙන් මියගොස් ඇති කළුතර නාගොඩ පදිංචි විහාරා නිර්මානි නැමැති සිසුවිය තමා දුටුවේ එදා බව පොලිසිය හමුවේ සැකකරු පාපොච්චාරණය කර තිබේ. (නාගොඩ හිමිගේ ඡායාරූප සාක්ෂි අනුව මාර්තු 17 ඔහු ඇය බලන්නට ගොස් තිබුණි)
‘මං නම් මැරුණු කෙල්ලව කවදාවත් හඳුනා නැහැ ඇය දැක්කෙන් එදාමයි. ඉස්කෝලේ යන කෙල්ලෙක් කියලාවත් මම දැනගෙන සිටියේ නැහැ. එයා වෙනත් අයකුගේ හැඳුනුම් පතක් ඉදිරිපත් කලා කියලාවත් මං දන්නේ නැහැ..."


‘එදා 6 වැනිදා රෝගී තත්වයක් හේතුවෙන් බෙහෙත් ගැනීමට එදින උදේ  10 ට පමණ කළුතර පුද්ගලික රෝහලකට ගොස් සිටිය දී ඉෂාන් මට ඇමතුමක් දුන්නා. මචං පොඩි සෙට් එකක් තියනවා කෙල්ලෙකුත් ඉන්නවා අපිට පොඩි ෆන් එකක් ගන්න පුළුවන්. එන්න පුලුවන් දැයි විමසා සිටියා“
ඊට කැමැත්ත පළ කළ සැකකරු ඇමතුම් දුන් මිතුරා ද මෝටර් රථයේ නංවාගෙන කළුතර නාගොඩ ප්‍රදේශයේ පිහිටි  සිසුවියගේ නිවෙස ආසන්නයට ගොස් ඇති බවත් ඒ අනුව සිසුවිය මිතුරිය හා මෝටර් රථයට ගොඩවී ඇති බවත් ඔහු කියයි.

සිසුවියන් දෙදෙනා එදින දහවල් ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති බත් දන්සලක ආහාර පිසීමට ද සහභාගී වී සිට ඇති අතර සවස ගමනට පෙර ධනුෂ්ක ඔවුන් එහිදී කලින් හමුවී ඇත.
ප්‍රධාන සැකකරු මෙම ගමන සඳහා විස්කි බෝතලයක් රැගනවින් ඇති අතර, එය දැක ඇති සිසුවියන් දෙදෙනා "මරු මරු අද අපිට හොඳ චූන් එකක් ගන්න පුළුවන් " යැයි පැවසු බව ද  ධනුෂ්ක පවසා ඇත.
මෝටර් රථයෙන් මද දුරක් පැමිණි සිසුවියන් දෙදෙනා “අපි ගෙදරට කියලා සවස හමුවෙමු' යැයි පවසා මෝටර් රථයෙන් බැස ගොස් ඇති අතර, ඒ වන විට වේලාව පස්වරු 3.00 ත් 3.30 ත් අතර වූ බවද සැකකරු ප්‍රකාශ කර ඇත.
සැකකරුවන් දෙදෙනා  පස්වරුවේ එම මෝටර් රථයෙන් සිසුවියන්ගේ නිවෙස් අසලට නැවත පැමිණ දුරකතන ඇමතුමක්
දුන් පසු සිසුවියන් දෙදෙනා පැමිණ මෝටර් රථයට නැවත ගොඩවී ඇතැයි ද සැකකරු පොලිසියට පවසා ඇත.
සිවුදෙනාම කළුතර නගරයේ හෝටලයට ඇතුළු වූ අවස්ථාවේ සිසුවියන් දෙදෙනා මුඛ ආවරණ
පැළඳ සිටි බවත් ඔවුන් ජාතික හැඳුනුම්පත් දෙකක් ඉදිරිපත් කළ බවත් ඔහු පවසා ඇත.



‘අපි අඩි 50 ක් විතර ඉහළට ගිහිං පස් වැනි තට්ටුවට ආවා පස් වැනි තට්ටුවේ කෙළවරේ මුහුදු හා දුම්රිය මාර්ගය හොඳින්
පෙනෙන කාමරයට අපි ගියා. ඒ කාමරය හරිම පොඩියි, ඒ කාමරයේ තියෙන්නේ ඇඳක් හා පොඩි කබඩ් එකයි පුටුවයි විතරයි.
කාමරයේ අඩි 3 ක පමණ බිත්තියක බැඳ එහි දෙපැත්තට පියන් දෙක විවෘත වන ස්ලයිඩ් දොරවල් දමා තිබෙනවා පල්ලෙහා
බැල්කනියක්වත් නැහැ පල්ලෙහා රේල් පාරයි පාරයි.
 සිවුදෙනාම කාමර දෙකක් වෙත් කළත් අපි සියලු දෙනා ගියේ පස්වැනි මහලේ ඔය වෙන් කරපු කාමරයටයි. එහිදී අපි බයිට් එකක් ඕඩර් කරලා සිවුදෙනාම මත්පැන් බව්වා. සිසුවියන් දෙදෙනාත් අපිත් එක්ක හරිහරියට මත්පැන් බිව්වා.
 මමත් 16 සිසුවියත් වෙන් කළ කාමරයේ සිටිය දී මිතුරා හා ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ කාමරයට යනවා කියලා ගියා. අපි දෙන්නා විතරයි කාමරයේ සිටියේ. අපි දෙන්නා එහිදී හොඳින් විනෝද වුණා. අපි සින්දු කිව්වා, නැටුවා. ඒ වනවිට අපි ලිංගිකව හැසිරිලා තිබුනෙ නැහැ . මම හිටියේ තුවායක් ඇඳගෙන කාමරයේ ඇඳමත වාඩිවීගෙනයි.
 සිසුවිය නිරුවතින් නටමින් සිටියා. ඇය මත්වෙලා හිටියේ මේ අතර එයාගේ ජංගම දුරකතනයට ඇමතුම් ආවා.
එම ඇමතුම ඇය බ්ලැක් ‍මේල් කිරීම සඳහා කිසිවකු විසින් දී ඇති බවට ඇගේ හැසිරීමෙන් දැන ගත්තා.
එම ඇමතුම් දෙන අවස්ථාවේ ඇය අසිහියෙන් වගේ කාමරය පුරා දිව ගියා. ඇය ගොඩක් වෙනස් වුණා, කළබල වුණා. “කැත වැඩ
කරන්න එපා යකෝ තෝ මාව කැවා" යනුවෙන් ඇය ඇමතුම් දුන් කෙනාට කෝපයෙන් බැන්නා...
ඒත් එක්ක එකවරම ජනේලය අසල තිබුන පුටුවට නැග ජනේලයේ දොරවල් දෙපසට ඈත් කර එයා බිමට පැන්නා..


මම ඇඳ අසළ ඉඳගෙන සිටි නිසා මට ඇය නවත්වන්න වෙලාවක් තියුණේ නැහැ. ජනේලයෙන් පැන්න සිසුවිය බිමට වැටුණු පසුව
මම සිද්ධිය හෝටලයේ සිටින මගේ මිතුරාට දැනුම් දුන්නා, ඔවුන් ඒ වනවිට සිටියේ හෝටලයෙන් පිටයි. ඔවුන් කාමරයට යන බව පවසා පිටව ගියත් ඔවුන් කාමරයට නොගොස් හෝටලයෙන් පිට ගොස් ඇති බව මම දැන ගත්තේ එම අවස්ථාවේ,
“වරෙන් ඉක්මණට කරදරයක්" යැයි මං දැනුම් දුන්නා. මම ඇගේ සිරුරවත් බලන්නේ නැතිව එසේ ඇමතුවේ. ඔවුන් සමග පසුව එතැනට ගියා.
ඇයට මෙම ඇමතුම දුන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. මට දැනෙන විදිහට කවුරුහරි එයාව බ්ලැක් මේල් කළා කියලා යැයි හිතනවා“

ලැබී ඇති තොරතුරු ඔස්සේ සැකකරු තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත අතර පොලිසිය පවසන්නේ ඇතැම් පරස්පර කරුණු නිරාකරණය කරගන්නට ඉදිරි ප්‍රශ්න කිරීම් වලදී හැකිවනු ඇති බවයි.