කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර රැඳී සිටි තරුණ ජෝඩු 13ක් ඊයේ (15) පස්වරුවේ පොලිසියට රැගෙනවිත් තිබේ. කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.
වෙරළ ආසන්නයට විශේෂ බස් රථයක් රැගෙන ගොස් පොලිසියට කැටුව පැමිණි තරුණ යුවළ කිහිපයක් කළුතර දකුණ පොලිසියේ රඳවා සිටින අයුරු දැකගත හැකිවිය. මොවුන්ට අවවාද කර තේ පැන් සංග්‍රහයක් ද පවත්වා මුදාහැරි බව පොලිසිය කීය.
"අනේ සර් ගෙවල්වලට නම් කියන්න එපා" කියමින් එම තරුණ පිරිස හඬා වැටුණු බව ද පොලිසිය සඳහන් කරයි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ.
සුමිත් පොතුපිටිය
0 Comments