කළුතරදී ලැගුම්හල් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබියදී හමුවූ පාසල් සිසුවිය සම්බන්ධ සංසිද්ධියේ නවතම තොරතුරු පොලිසිය මගින් අද (7) සවස අනාවරණය කර තිබේ.
මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය තවත් තිදෙනෙකු සමග කළුතර සිරිකුරුස හන්දියේ පිහිටි මෙකී තාවකාලික නවාතැන් පොළට ඇතුළුව තිබුනේ ඊයේ පස්වරු 6.30 ට පමණය. එසේ එද්දී පිරිමි දෙන්නා අතේ මත්පැන් බොතල්ද තිබෙන අයුරු සීසීටීවී දර්ශන තුළින් නිරීක්ෂණය වී තිබේ.මෙම ස්ථානය ආහාර ලබාදෙන අවන්හලක් හා සම්බන්ධව තිබෙන 'ඒසී නන් එසී රූම්ස්' යනුවෙන් සටහන් කර ඇති තාවකාලික ලැගුම්හලක් ලෙසද පවත්වා යන තැනකි. සීසීටීවී නිරීක්ෂනයේදී සවස 6.30 ට
යුවළ දෙකක් පැමිණෙන අතර එක් තරුණයෙකු සමග එන්නේ පාසල් සිසුවියයි. එකී තරුණයා හැඩිදැඩි පෙනුමක් සහිත පුද්ගලයෙකු බවද පෙන්නුම් කරයි.
හෝටලයේ ලැගුම් ගනීමට අවශ්‍ය බව දන්වා සිටි පසුව හෝටල් කළමනාකරු ඔවුන්ගෙන් ජාතික හැඳුනුම්පත් ඉල්ලා ඇති අතර මියගිය සිසුවිය වයස 16 ක බාලවයස්කාරියක නිසා ඇගේ හැඳුනුම්පත යයි කියමින් පෙම්වතා ඉදිරිපත් කර ඇත්තේ ඇය හා සමාන වෙනත් කෙනෙකුගේ හැඳුනුම්පතකි.
ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර ඔවුන් හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබේ. පසුව හතරදෙනාම 3 වන මහලේ පිහිටි කාමර වෙත ගොස් ඇති අතර ටික වේලාවකින් සිව්දෙනාම එක් කාමරයකට රැස්වී මත්පැන් පානය කරමින් සිටි බව හෝටල් සේවකයන්ට නිරීක්ෂණය වී ඇත.
පසුව එම පිරිසෙහි සිටි අනෙක් යුවළ හෝටලයෙන් පිටතට ගොස් ඇති අතර හෝටලයේ රැඳුනේ මියගිය සිසුවිය හා ඇගේ පෙම්වතාය.
සිසුවිය නවාතැන්පොලේ තුන්වන මහළේ ජනේලයකින් පිටතට වැටෙන්නේ මෙම අවස්ථාවේදීය. එය කිසිවෙකු එම අවස්ථාවේ දැනගන්නේ නැති අතර මුලින් පිටව ගිය යුවළ එලෙස පිටවී මිනිත්තු 20කට පමණ සුළු කාලයකින් පසු මියගිය සිසුවියගේ පෙම්වතා කියන තරුණයා කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබේ. සීසීටීවී පරීක්ෂාවේදී එකී තරුණයා දුරකථනයක් කනේ තබාගෙන ඉක්මනින් එලියට යන අයුරු නිරීක්ෂණය වන්නේය.
ඉන්පසු පිටතට ගිය කිසිවෙකු නැවත පැමිණෙන්නේ නැති අතර ටික වේලාවකට පසු එම ස්ථානයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට නවාතැනේ කාර්ය මණ්ඩලයට පැවසීමෙන් පසු මෙම මරණය ගැන දැනගන්නට ලැබී තිබේ.
ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලද්දී තරුණිය ඒ වනවිටත් මියගොස් ඇති බව හඳුනාගන්නට ලැබී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකි.
එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් ඒ ආසන්නයට කැඳවාගැනීමෙන් පසුවය.
එම යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්න බවත් පළායාම හැර වෙන කරන්න දෙයක් නැති බවත්ය.
පසුව එම යුවළ දුම්රිය මාර්ගය මත වැටි සිටි සිසුවිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර ඇති අතර පෙම්වතා කියන තැනැත්තාද එම අවස්ථාවට එක්වී පසුව පළාගොස් ඇත. යුවළ සිද්ධිය ගැන කම්පාවෙමින් පිටත ස්තානයක රැඳී මෙම සිදුවීම ගැන පොලිසියට කිව යුතු යයි තීරණය කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබේ.ඒ වනවිටත් පොලිසිය මරණය ගැන දැනගෙන පරීක්ෂණ අරඹා තිබුණි.මියගිය සිසුවියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට ලැබී ඇති බව පොලිසිය කියයි.
මියගිය සිසුවිය සමඟ රැඳී සිට පළාගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණ පොලීසියෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
පළාගිය සැකකරුගේ ලිපිනයන් පරීක්ෂා කිරීමේදී ඔහු කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු බව හදුනාගෙන ඇති අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පෙර වාර්තාව
16 සිසුවිය කළුතර ලොජ් එකේ තුන්වන මහලින් පැන්නාද? පෙම්වතා තල්ලුකරාද?
0 Comments