
කළුතරදී ලැගුම්හලක උඩු මහලේ සිට පැනීමෙන් ජීවිතය අහිමි වූ 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මින් ඉහත ඔහු අධිකරණයට ඉදිරිපත්කළ පසු පැය 48 ක රැඳවුම් නියෝගයක් අනුව ප්‍රශ්න කිරීමට පොලිසියට අවස්ථාව දුන් අතර අද නැවත රැඳවීම දීර්ඝ කරමින් සති දෙකක් දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
දැරිය සමඟ ලැගුම්හලට ගිය ඇයගේ 19 හැවිරිදි මිතුරිය පබාරා සහ ඇයගේ පෙම්වතා ඉෂාන් ,සිද්ධියේ ප්‍රධාන සැකකරු ධනුස්ක ගයාන්, ඔහුගේ වාහනය ලබාගන්නට අනුබල දුන් බව කියන රථ රියදුරා මෙන්ම ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් කාන්තාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්සිත බන්ධනාගාරයේ පසුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval