kalutara-incident-update

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ අනුව මේ වනවිට කරුණු කිහිපයක් අනාවරණයවී තිබෙයි.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු (29) ඊයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව දින 2 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය හිමි විය.
ඔහු මේදක්වා ලබාදී ඇති විස්තර අනුව ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ කාමරයක් වෙන් කරගෙන එහි සිට මත්පැන් පානය කිරීමෙන් පසු 19 සිසුවියත් රැගෙන ඉෂාන් වෙනත් කාමරයකට ගොස් ඇති බව සැකකාර ධනුෂ්ක කියයි. 16 සිසුවිය එහිදී තමා සමඟ මත්පැන් පානය කරමින් සිටි කාමරයේම රැදී සිට ඇති බව ඔහු පොලිසියට පවසා ඇත.


 එහිදී දෙදෙනා කැමැත්තෙන් කාමරයේ සිට ඇතත් ප්‍රධාන සැකකරු අතින් ඇය දූෂණය වී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව පොලිසිය කියයි. ඒ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙන්ම ඇගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇති බවද පොලිසිය කියයි. එහෙත් ඇය එදින දූෂණය වී නැතත් ඊට පෙර දූෂණය වී ඇති බව ද එම පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය සමඟ සමීපව ඔහුට සිටීමට අවශ්‍යතාවත් තිබුණත් ඊට ඔහුට හැකියාවක් නැති බවය. ඒ යම් දුබලතාවකින් මේ වන විට ඔහු පෙළෙන නිසා බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. ඒ බව ඔහු ඇය සමඟ රැඳී සිටි කාමරයේ ඇඳ ඇතිරිලි පරීක්ෂා කිරීමේදීද අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
සැකකරු පවසා ඇත්තේ දෙදෙනා කාමරයේ එකිනෙකා සිප වැළඳගෙන සිටියා පමණක් බවත් ඊට එහා යමක් සිදු නොවූ බවත්ය.

දෙදෙනා එසේ මඳ වේලාවක් සිට පසුව නැවතත් මත්පැන් පානය කළ බවද ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.
මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇය සමඟ එකට ඉන්නට උත්සාහයක් ගත්තත් එය ද අසාර්ථක වුවත් ඇයට දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ඒ අතරතුර බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව පොලිසිය කියයි.
දුරකථන ඇමතුමින් පසු සිසුවිය ජනේලයෙන් පනින බවට මේ දක්වා ලබාදී ඇති කට උත්තර අනුව සැකකරු ප්‍රකාශ කරන අතර මරණය ඇයගේ සියදිවිනසාගැනීමක් ලෙස ඒත්තු ගන්වන්නට උත්සාහ කර තිබේ.

අවසාන ඇමතුම එතරම් බලවත් එකක් වූයේ කෙසේද යන්න ගැන හා එය ලබාදුන්නේ කවුද යන්න ගැන පොලිස් පරීක්ෂන අරඹා ඇත. ධනුෂ්ක පවසා ඇත්තේ මළ සිරුර රේල් පාරෙන් මෑත් කළ පසු පලාගිය බවත් සිසුවියගේ දුරකථනය කළු ගඟට විසි කළ බවත්ය.

එම දුරකථනය ඇත්තටම එලෙස විසිකර ඇතිද යන්න ගැනද පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර දුරකථන සමාගම් හා සම්බන්ධ වී ලැබී ඇති ඇමතුම් ගැන විමර්ශනයක් කරන්නටද පොලිසිය උත්සුකවී තිබේ.