kalutara-temple-incident

බාලවස්කාර සාමණේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලෙස අපයෝජනය කළ විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තෙනමක් ඊයේ (11දා) අත්අඩංගුවට ගත් බව කළුතර - පයාගල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර, පයාගල, ගොරකදෙණිය විහාරස්ථානයක වැඩවසන 43 හැවිරිදි විහාරාධිපති හිමියන් සහ 17 වියැති දෙනමකි.



අගතියට පත් 11 හැවිරිදි සාමණේර හිමි නමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලීසිය පරීක්ෂණ සිදුකළ අතර, සැකකාර තෙනම විහාරයෙන් පලාගොස් සිට ඇති අතර, ඉකුත් මැයි 04 නීතිඥයෙකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පොලීසියට නියෝග කර තිබුණි. ඒ අනුව පලාගොස් සිටී ස්වාමීන් වහන්සේලා තුන්නම අද පයාගල පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ සෙසු ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකල බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද සඳහන් වේ.සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

 සුමිත් පොතුපිටිය