kandy-st-anthoneys-student-fall

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවකද වන විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් ඇය ඉගනුම ලබන පන්තිය පිහිටි විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලින් පහළට පැනීම නිසා තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (09) පෙරවරු 11.30 ට පමණ පාසැල් පංති කමරයෙන් පිටතට පැමිණ ඇති ඇය මෙලෙස පැන්න පසු පාසලේ ගුරුභවතුන් හා විදුහල්පති මැදිහත්ව ඇයව රෝහල් ගත කර තිබේ. තවමත් ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.



කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන එම සිසුවිය එවැනි පියවරක් ගැනීමට හේතු පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඇගේ මව පවසා ඇත්තේ සිසුවියට මානසික ගැටලුකාරී තත්වයක් මෑතක සිට පෙන්නුම් කරන බවයි. සිසුවිය අමතකවීමේ රෝගයකින් පසුවන බව හව පවසා ඇත.

සිසුවිය මහනුවර රෝහලේ දී සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇත්තේ අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහාය.
වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බව මහනුවර රෝහලේ ආරංචි මාර්ග පැවසීය.