katunayake-incident

ව්‍යාජ ලෙස සකස් කළ ගුවත් ගත් බලපත්‍රයක් උපයෝගීකර ගෙන පැමිණි චීන ජාතිකයෙකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනකුට රට තුළට ඇතුළු වීම සදහා අවසර ලබාදීමට රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා මැදිහත්වී ඇති බවට කටුනායක ගුවන්තොටේ ආරංචි මාර්ග සදහන්කරයි.

කටුනායක ගුවන් තොටුපලේදී ගමන් බලපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ අදාළ විදේශිකයන් කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා, ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සඳහා රඳවා තබා ගැනීමේ ’ කුටියක ඔවුන්ව රඳවනු ලැබ තිබේ.



නමුත්, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින්දෙන ලද උපදෙස් මත ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන්ව නිදහස් කර රට තුළට ඇතුළු වීමට අවස්ථාව ලබාදී තිබේ. වාර්තාවන අන්දමට, ඉකුත් 18දා රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන්යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එසේ ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන්, පැය දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන්හමුවට පැමිණ තිබේ. එහිදී මෙම කණ්ඩායමේ නායකත්වය දැරූ චීන ජාතිකයා අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ව්‍යාජ ලෙස සකස්කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිත කර ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි. එම ගුවන් ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුව වෙනස් කර කූට ලෙස සකස්කළ එකක් බවට ආගමන විගමන නිලධාරීන්ට කරුණු අනාවරණය වී තිබේ.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස ජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින්නිදහස් ස්කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ. ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ ආගමන විගත නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා පෙරේදා (20දා) දින අලුයම 01.00ට පමණ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවස්ථාව ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙත් විමසීම සඳහා දුරකථන ඇමතුම් ලබාගත්තද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබිණි.
 ටී.කේ.ජී.කපිල