IPL 2023 යටතේ ඊයේ Lucknow Super Giants සහ Royal Challengers Bangalore අතරෙ Lucknow හි පැවති තරයෛ්දී බැංගලෝර් පිලේ පිතිකරු විරාත් කෝලි සහ ලක්නව් කන්ඩායමේ උපදේශක ගෞතම් ගාම්භීර් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර එය නොගැළපෙන ක්‍රියාවක් ලෙස විවේචනවලට බඳුන්ව ඇත.
තරගය අවසන් වූ සමග මෙම ගැටුමක සේයාවක්වත් නොතිබු අතර දෙදෙනා අතට අත දුන් බවත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවූ බවත් වාර්තාකර ඇත. නමුත් අනතුරුව, ලක්නව් ආරම්භක පිතිකරු Kyle Mayers කෝලි වෙත ගොස් යමක් පැවසීමට පටන් ගත්තේය.
මේ අවස්ථාවේදී ගම්භීර් පැමිණ මයර්ස් රැගෙන ගියේය. මෙම සිදුවීමෙන් ටික වේලාවකට පසු, දීර්ඝ කතාබහක යෙදී සිටිනු දක්නට ලැබිණි ඉන්පසුව, විරාත් කෝලි සහ ගෞතම් ගාම්භීර් අතර උණුසුම් හුවමාරුව ඇති විය. මෙය ගාම්භිර් නියෝජනය කළ පිලේ පරාජය සමග ඇතිවූ ගැටුමක් ලෙස අර්ථ දක්වා තිබේ.
මෙම තරගයේදී කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලක්නව් සුපර්ජයන්ට්ස් පිල ලකුණු 18කින් පරාජය කළේය.
0 Comments