ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලාන කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයා ගැනීමට ප්‍රංශ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මුදල් විශුද්ධිකරණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රත්මලානේ කුඩු අංජු නමැත්තා ප්‍රංශ අධිකරණයක් හමුවට පහුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් ඔහු රිමාන්ඩ් භාරයට පත්කර මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු දේපළ උපයාගත් ආකාරය ගැන විමර්ශන ප්‍රංශ පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මුදල් විශුද්ධිකරණය ප්‍රංශ නීතිය අනුව අතිශය බරපතළ වරදක් බවට ද සැලකේ.ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය කුඩු අංජු නමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික සුරූපිණියගේ නමින් පවත්වාගෙන යන බව ද ප්‍රංශ ආරංචි මාර්ග පවසයි.
රත්මලානේ කුඩු අංජු නමැත්තා මිල දී ගෙන සිය අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිණියට ලබාදුන් අවන්හල “නමස්තෙ” යන නමින් පවත්වාගෙන යන බව සඳහන් වේ. “නමස්තේ” නමින් හැඳින්වෙන මෙම අවන්හලේ නිතර සාද පැවැත්වෙන බවත් එයට කුඩු අංජු නමැත්තාගේ සුරූපි ප්‍රංශ බිරිඳ ද සහභාගි වී නර්තන ඉදිරිපත් කරන බවත් එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව ප්‍රංශයේ බොදෝ ප්‍රදේශයේ වයින් කම්හලක් ද මොහු වෙනත් අයකුගේ නමින් පවත්වා ගෙන යනු ලබන බව කියති.
ප්‍රංශයට පලා ගොස් සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්රියාකාරීකයන් බවට සැලකෙන ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත සහ බටුවත්තේ චාමර නමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතු සඳහා රත්මලානේ කුඩු අංජු නමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව පැවසේ.
කුඩු අංජු නමැත්තා සහ ඔහුගේ බිරිඳ අතර පවතින ආරවුල් සමථයකට පත්කර පවුල සමාදාන කිරීමට මොවුන් දෙදෙනා දැඩි වෙහෙසක් ගන්නා බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ප්‍රංශ සුරුපිණිය සමග පවත්වාගෙන යන සම්බන්ධතාව නතර කර ඇයට මුදල් ලබාදීම නතර කරන්නේ නම් පමණක් නැවත ඔහු සමග පවුල් ජීවිතයක් ගත කිරීමට කැමැති බව කුඩු අංජු නමැත්තාගේ බිරිඳ මෙහිදී පවසා ඇතැයි ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රත්මලානේ කුඩු අංජු නමැත්තා පවසා ඇතැයි කියන්නේ ප්‍රංශ ජාතික සුරුපිණිය සමග පවත්වාගෙන යන සම්බන්ධතාව කිසිසේත් නතර කර දැමිය නොහැකි බවය. රත්මලානේ කුඩු අංජු නමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත. රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ ප්‍රංශ ජාතික සුරූපී අනියම් බිරිඳගේ ඡායාරූප ද ඇය අවන්හලේ රංගනයන් හි නිරත වන ඡායාරූප ද ලැබී තිබේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments