kuwait-dead-matale

කුවේට් රාජ්‍යයේ වසර 07කට අධික කාලයක් ගෘහ සේවය කොට නැවත මව්රටට පැමිණීම්ට සූදානම්ව සිටි තම මව මෙරටට පැමිණීමට නියමිතව සිටි දිනයේම සිය දිවි හානි කර ගත් බවට පැවසෙන සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරක් මෙතෙක් හෙළිවී නොමැති බවත් මවගේ සිරුර මෙරටට ගෙන්වා ගැනීමට හෝ නොහැකි වී ඇතැයි මරණකාරියගේ පුතු වන චතුරංග ධම්මික සරියානන්ද මහතා පවසයි. මාතලේ, යටවත්ත මාරගස්යාය, උඩස්ගිරිය, ප්‍රදේශයේ පදිංචි පී.ජී. අනෝමා (50) නමැත්තිය මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි. මේ පිළිබඳවැඩිදුරටත් අදහස් දැක්වූ චතුරංග ධම්මික ශ්‍රියානන්ද මහතා මෙසේ පැවසීය.



මගේ අම්මා වසර හතකට පසු නිවසට පැමිණීමට සූදානම් බවත් ඒ සදහා ගුවන් ටිකට්පත් ලබාගෙන මගේ දරුවන් දෙදෙනාට මෙන්ම මටද තෑගි භෝග සූදානම් කර අප්‍රියේල් 26 වැනිදා බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණෙන බව දැනුම් දී තිබුණා. අප්‍රියෙල් 25 වැනිදා පස්වරුවේ  අම්මා කුවේට්හි සේවය කළ නිවසේ සිට වට්ස් ඇප් වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැමිණීමට අවශ්‍ය බඩු බාහිරාදියාදිය සූදානම් කරන ආකාරය පෙන්වමින් පවුලේ අය සමග කතා කොට පසුදා වෑන් රථයකින් තමන්ව රැගෙන යෑමට බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස දැනුම් දී මග වියදම් පවා ඒවා තිබුණා.

ඒ මා ඇතුළු පවුලේ අය වෑන් රථයක් කුලියට ගෙන 26වැනිදා මව කැඳවාගෙන ඒමට ගුවන්තොටුපොළට පැමිණියද මව පැමිණීමට නියමිතව තිබූ ගුවන්යානය පැමිණිය ද මව එහි පැමිණියේ නැහැ. ඉන් කලබලයට පත්ව වූ මා ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් විමසීමක් කළ ද ඊට නිසි පිළිතුරක් නොලැබුණු නිසා කටුනායක පොලීසියේ පැමිණිල්ලක් කොට ගුවන් තොටුපොළෙන් ඒ පිළිබඳ විමසීමේදී මව කුවේට් රාජ්‍යයෙන් ගුවන්යානයට ගොඩව වී නැති බව අනාවරණය වූවා.



පසුව මවට හා මව සේවය කළ නිවසට දුරකථන ඇමතුම් ලබා ගත්තද කිසිම පිළිතුරක් නොමැති  වූ තැන කුවේට් හි සේවය කරන මගේ හිතවත් කණ්ඩායම් කිහිපයකට  ඇමතුම් ලබාගෙන මෙම සිද්ධිය දැනුම් දුන්නා. ඒ අනුව කොළඹ විදේශ  සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිරීමට ගියද එම පැමිණිල්ල දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සටහන් කරන ලෙස දැන්වීමත් සමග දඹුල්ලට පැමිණ පැමිණිලි කළ අතර ඒ පිරිස් නිවසට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත්තා. අනතුරුව මගේ මව සියිදිව් හානිකර ගෙන ඇති බවට හෙළි වූවා. මවගේ දේහය ගෙන එද්දී සිරුරේ කිසිදු කොටසක් ඉවත් නොකර ගෙන ආයුතු අතර මෙරටදී මරණ පරීක්ෂණයක් කළ යුතුයි. මව මියගොස් දින 14 ක් ගතවෙද්දී වගකිව යුතු පිරිස් වෙතින් කිසිදු සාධාරණයක් ඉටු නොවුන අතර කුවේට් තානාපති කාර්යාලයෙන් ඇමතුමක් ලබා ගැනීමට පවා අපහසුයි." යැයිද පවසා සිටියේය.
එස්. කරුණාරත්න