lakai-sikai-nathasha

නතාෂා එදිරිසූරිය සම්බන්ධවූ මෝඩාභිමාන ප්‍රහසන වැඩසටහන නැරඹීමට ආ අය අතර සිටි ලකයි සිකයි යූටියුබ් නාලිකා හිමිකරුවන්ට මේ වනවිට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඔවුන් පවසනවා. ලකා ලෙස හඳුන්වන ලක්මාල් වීරසිරිගේ බිරිය මේ ගැන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදු කර ඇත.

‘ලකයි සිකයි‘ යූටුබ් නාළිකාවේ හිමිකරුවන් වන ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ මෙල්බඑර්න්හි ප්‍රසංගසඳහා ගොස් සිටින අතරවාරයෙ එහි සිටියදී මෙම තර්ජන ගැන අදහස් පළ කර තිබුණි. එහිදී අදහස් දැක්වූ ලක්මාල් වීරසිරි මෙසේ පැවසීය.



"අප්‍රේල් 1 වෙනිදා තිබ්බ මෝඩඅභිමානය කියන වැඩ සටහනට සහභාගී වීම සම්බන්ධව විශාල මතයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබුනා. අපි ගියේ ආරාධනාවකට. එතන තුන් හාරසීයක් ඇවිල්ල හිටියා. අපි දෙන්නා හිනා වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ෆේස් බුක් පේජ් ඒ කරන ප්‍රචාරය නිසා මේ වෙනකොට අපිට බොහොම නරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. විවිධ තර්ජන පවා එල්ල වෙමින් පවතිනවා. ඒ ගොල්ලෝ ඒ ප්‍රචාරය කරන්නේ අපිත් බුද්ධාගමට නිග්‍රහ කරා කියන මතය සමාජයේ නිර්මාණය වෙන ආකාරයට.

රාජාංගනයේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ අත්ඩංගුවට ගන්න වෙලාවේ ප්‍රකාශයක් කරනවා ජෙරම්, නටාෂා සහ ලකයි සිකයි තමයි උන්වහන්සේව අත්ඩංගුවට ගන්න පැමිණිලි කරේ කියලා.

තර්ජනාත්මක ස්වරූපයකට හැරිච්ච නිසා තමයි අපි මේ මොහොතෙ පවා මේ පැමිණිල්ල දාන්නේ. අපේ පවුලේ අයට බොහොම තර්ජනාත්මක පණිවුඩ ලැබෙනවා. මගේ ලොකු දුවගේ සාමන්‍ය පෙළ විභාගයට පවා බලපාලා තියෙනවා. අපිට මේ ජීවිත තර්ජන එන තැනට වැඩ කටයුතු කරන්නේ කවුද කියන කාරණාව පිළිබඳව විමර්ෂණයක් කරලා අපිට ඒකට සාධාරණයක් කරන්න කියන එක තමයි ඉල්ලන්නේ.

වේදිකාවේ කියන්නෙ මොනවද කියන එක දැනගෙන නෙමෙයි අපි ඕකට සහභාගී වෙන්නේ. අපි කොයි තැනක හිනාවෙන පොටෝ එකක්ද කියලා කිසි එකක් නෑ. ඔය පේජ් වලින් ඉල්ලා හිටින්න නටාෂා ඒ කාරණාව කියන මොහොතේ අපි දෙන්න හිනා වෙච්ච විඩීයෝ එකක්. මේක අපේ පවුල්වලට පවා තදින් බලපාන කාරණාවක් වෙලා තියෙන්නේ. හාරසීයක් පන්සීයක් ඉන්න තැනක අපි දෙන්නෙකුට විතරක් නැඟිටලා ඉවර වෙලා යන සෙග්මන්ට් එකක් මැද්දේ එහෙම කඩාකප්පල් කරන්න පුළුවන් කමක් නෑ."