mahinda-college-principal-attacked

ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට ඔහුගේ නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් බිම දමා පෙරලාගෙන පහර දුන් බවට විදුහල්පතිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
2021 වසරේ සිට විදුහල්පති ලෙස සේවය කරන මේජර් අතුල විජේවර්ධන මහතා මෙම හිරිහැරයට ලක්ව තිබේ.



විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීපවීම නිසා  කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ රාත්‍රි 11.30 පමණ රෝහලෙන් පිටවී නිල නිවස කරා තමන්ට අයත් රථයෙන් පැමිණෙද්දී නිල නිවසේ ගේට්ටුව විවෘත කිරීමට මෝටර් රථයෙන් පිටතට බසිනවාත් සමග පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු මෙම පහරදීම කර ඇති අතර විදුහල්පතිවරයා
 බිම දමා ගෙන පහරදීමට පැමිනි පුද්ගලයා කටයුතු කර ඇත.
 එම අවස්ථාවේ අසල් වැසියන් පැමිණි අවස්ථාවේ පහර දුන් පුද්ගලයා යතුරුපැදියද අතැරදමා පළාගොස් තිබේ.
පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.