mahindananda-speaks

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මැයි දින රැළිය අමතා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.
 
"මේ මැයි දින රැළියෙන් අපි දෙන පණිවුඩය තමයි අපේ ගෙවල් ගිණි තිබ්බට අපේ අත පය කැඩුවට අපි බේරේ වැවේ නෙවෙයි මොකේ දැම්මත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එන මේ ජනඟග ආපස්සට හරවන්න බැහැ. අපේ පක්ෂය හැටියට අපි තීරණය කරා මේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න.

ඒ සහනය ලබා දෙන්න අද එතුමට හැකියාව ලැබිලා තියෙනවා.

මේ රට එක්සේසත් කරපු ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ තමයි මේ රටේ දෙවැනි ජනාධිපති. අපි දැක්කා තව ජානාධිපති කෙනෙක්, ෆේස්බුක් ජනාධිපති නොහොත් අනුර කුමාර දිසානායක මහත්තයා. ඒ කාලේ අපි ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දානකොට නිවන් සුව එනවා පන්සීයක් විතර. ජනතා විමුක්ති පෙරමුණේ සඟයෝ ටික එක්කහු වෙලා දානවා නිවන් සුව. හැබැයි මං දන්නෑ මේ ළඟදි ඉඳලා සල්ලි දීලා ගන්න නිවන් සුවක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන පක්ෂයේ නම වෙනස් කරේ, මේ රටේ ප්‍රචණ්ඩ දේශපාලන ත්‍රස්තවාදී පක්ෂයක් කියන එක අමතක කරන්න එපා. එල්.ටී.ටී එකයි ජේවීපී එකයි අතරේ වෙනසක් මම දකින්නේ නෑ.



එදා යුද්ධේ ඔන්න මෙන්න තියලා අවසාන 2008 අයවැය, ඔබතුමා චීනෙට ගියා, අපි කිව්වා යන්නේපා සර් මුං අයවැය පරද්දන්න කටයුතු කරනවා කියලා. එදා අනුර කුමාර දිසානායකලා අයවැය පරාජය කරලා එල්ටීටී සංවිධානෙට සේලයින් එක දුන්නේ වත්මන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක. ජනතා විමුක්ති පෙරමුණෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ඉබ්‍රහිම් නානා, මේ රටේ අන්තවාදී පක්ෂවලට සහය දුන්න අනුග්‍රහය දුන්න පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ."