manju-nissanka-speaks

මේ දිනවල විවේචනයට ලක්ව පවතින ‘මෝඩාභිමානය‘ ප්‍රසංගය, නතාශා එදිරිසූරියගේ ප්‍රකාශයන්, එස්එල් ව්ලොග් හා කලම්බු කොමඩි සෙන්ට්‍රල් නාලිකා හි මූලිකයා ලෙස හඳුන්වමින් මංජු නිශ්ශංක මහතා සම්බන්ධයෙන් පළවන ප්‍රචාර ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමහර අවස්ථාවන් වලදී යම් අනුග්‍රාහකත්වයක් ලබා දෙනු ලබන නමුත් ඒවාගේ අන්තර්ගතයන් සහ ක්‍රියාත්මක කරවීමේ පූර්ණ වගකීම අදාල ආයතනයන් සහ පුද්ගලයන් සතු බව ඔහු කියා තිබේ. මේ මොහොතේ ආගම්වාදි ජාතිවාදි බෙදීම් ඇතිකර පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරමින් සංවිධානාත්මකව සිදු කරගෙන යන ප්‍රචාරයන් පිලිබඳ අවධානයෙන් ඉන්න ලෙස ශ්‍රී ලංකා ජනතාවගෙන් ඔහු ඉල්ලා තිබේ.
මේ ගැන ඔහු පළ කර ඇති ෆේස් බුක් පණිවිඩයක් හා වීඩියෝවක් පහතින්