mervin-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"මට එක බිම් අඟලක් කැළණියේ නෑ. මම ස්තූති වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ යෝජනාව අනුව යුද්ධේ නිම කරන්න හැදුවා. මම පළවෙනි ගුවන් පාලම හැදුවා දවස් 63න්. බලෙන් කරා හොඳින් කරා. කරන්න ඕන වැඩේ කරා.

දුටුගැමුණුගේ මී මුත්තා තමයි මේ කැළණිය හැදුවේ. දුටුගැමුණුගේ මී මුත්තා තමයි  තොරණ හංදියේ තොරණ හැදුවේ. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්නේ තමුන්නාන්සේගේ මිත්තණිය තමයි හේලේනා විජේවර්ධන මැතිණිය ජටාල තිස්සට පස්සේ ඉතිහාසයේ කැළණි පන්සලට දායකත්වය දුන්නේ. කැළණිය පිං බිම පූජා භූමියක් කරන්න ජනාධිපතිතුමනි.

මට ඒ කාලේ ඒක කරන්න බැරි වුනා, මං තාමත් දුක් වෙනවා.

දැන් තියෙන ආර්ථික වර්ධන වේගය 3%යි. 3% වර්ධනය කියන්නේ අද එක වේලක් කන එක්කෙනා 2028 එදාටත් කන්නෙ එක වේලයි. 28 වෙනකොට රට අඩියක් ඉස්සරහට යන්නෙ නෑ. අපි මේක හිතනවනම් කපුටගේ දර්ශනය කපුටා බලන් ඉන්නේ කොහෙන් මස් කෑල්ලක් කලා ඉගිලිලා යන්නද කියලා. ඒ දර්ශනේ හරියන්නෙත් නෑ. උගුඩුවගේ දර්ශනෙ හරියන්නෙත් නෑ. මං බය නෑ කපුටා කියලා කිව්වට බැසිල් රාජපක්ෂට.

අද මම හිටියනම් මේ ඩෙංගු කතන්දර නෑ. සෞඛ්‍ය ඇමතිවරයට මං දන්නෑ මොළේ මොනව හරි වයර් පටලැවිල්ලක් තියෙනවද කියලා. එක ළමයයි මගේ නැතිවුනේ. අද මේක මහ වසංගතයක් වෙනවා. රජය කැමතිනම් මේක මට සතියක් දීපල්ලා මම නවත්නවා.බොරුකාරයට වැඩ බෑ, වැඩකාරයට බොරු බෑ.



මේ ඉන්න දේශපාලකයෝ හැමෝටම පෙට්‍රෙල් ශෙඩ් වයින් ස්ටෝර්ස් තියෙනවා. රට කරන පාලක මහත්වරුන්ට මම කියනවා නීතිය වල් වදින්න දෙන්න එපා. ළමා දූෂකයන්ට මරණ දඬුවම දෙන්න. කුඩු කාරයන්ට මරණ දඬුවම දෙන්න. රාජ්‍ය දේපළ වංචා කිරීමට මරණ දඬුවම දෙන්න. අලුත් නීතියක් ගේන්න ඕන වෙඩි තියලා මරන්න. එහෙම නැතුව මේක හරියන්නෙ නෑ."