minuwangoda-kaushani-missing

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඉකුත් දා පැහැරගත් තම 15 හැවිරිදි දියණිය ගැන තවමත් තොරතුරක් නැතැයි එම දැරියගේ මව පවසයි.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව සැක කරයි.
තමන් විදේශගතව සිටියදී වයස අවුරුදු 15ක වූ කෞෂානි කාවින්ද්‍යා නමැති දැරිය පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වූ පැහැරගත් දියණියගේ මව මෙසේ පැවසුවාය.

"අප්‍රේල් 10 වෙනිදා මගේ දුව ගෙදර හිටියා. කළින් පෙම් සම්බන්ධයක් තිබුණා. දුවත් කැමති නැතිව තමයි හිටියේ.

කොල්ලගේ ගෙදරින් ගොඩාක් තර්ජන ආවා. ඔයා මෙ සම්බන්දෙ කොහොම හරි කරගෙන යන්න ඕනේ කියලා. අප්‍රේල් 10 වෙනිදා රෑ 8.10 විතර ඇවිල්ලා ළමයව පැහැර ගන්න ආවා.පිරිමි ළමයගෙ නම අනුහස් තීක්ෂණ. වැඩට ඉන්න අක්කටත් ගහලා තමයි දුවව ගෙනියන්න ආවේ.  පැහැර ගන්න ආවේ පිරිමි ළමයයි, පිරිමි ළමයගේ නැන්දයි, නැන්දගේ දුවයි, පුතයි. දුවව ගවුමෙන් ඇඳලා තල්ලු කරනවා. මිනුවන්ගොඩ ඕපාතදි සිද්ධිය වෙන්නෙ.

ඒ පිරිමි ළමයව දාගෙන වෑන් එකෙන් පොලීසියට ගියා. පොලීසියට ඇන්ට්‍රියක් දාලා ආපහු වැල්ලවායට ඇරියේ. සම්බන්දෙ නවත්වන් නෑ කියලා මට ගොඩක් තර්ජනය කරලා තියෙනවා. ඒ පිරිමි ළැමයගේ නැන්දා මට තර්ජනය කරලා තියෙනවා එයාලා සල්ලි වලට මීනී මරන කට්ටිය, හිර ගෙවල් වල ඉඳළා තියෙනවා, එහෙම කියලා තමයි මට තර්ජනය කරලා තියෙන්නේ.

මේ මගෙ දුව කෞෂල්‍යා කාවින්ද්‍යා. 15යි. මම රට ඉද්දී දුව දෙපාරක් තුන්පාරක් මට කෝල් කරලා කිව්වා අම්මේ මට මේ සම්බන්දෙන් නිදහස් වෙන්න ඕන, මට එයා ඉන්න දෙන්නේ නෑ. ඒ පවුලේ කට්ටිය මගේ දුවව හිර කරගෙන තමයි දැනට ඉන්නේ. එයා ගැන මොනාහරි තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවනම් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. දුව කැමති වෙලා ගියේ නෑ.

වැල්ලවාය පොලීසිය දැනට වැඩකටයුතු කරගෙන යනවා කියලා කිව්වා. නිකම් සොයා බලනවා කියලා තමයි කිව්වේ."


ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබූ බව දැනගත් පසුව
විදෙස්ගතව සිටින කෞෂානිගේ මව වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට කටයුතු කර තිබුණාය.
කෙසේ වෙතත් අප්‍රේල් 12 වැනිදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනකු කෞෂානිව පැහැරගත් බව සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.

මේ සම්බන්යෙන් තවදුරටත් අදහස් දැක්වූ දැරියගේ මව මෙසේ පැවසුවාය.

“මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා. පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා.” කිව්වා

සිය දියණිය පිළිබඳ තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කෞෂානිගේ මව ඉල්ලීමක් කරයි.  මව මාධ්‍ය වෙත පැමිණ කරන ඉල්ලීම වීඩියොව මේ සමග පළවේ.
Update
කිසිම පැහැරගැනීමක් නැහැ මං කැමැත්තෙන් ආවේ -මිනුවන්ගොඩ දුව