moratuwa-abuse-case

එකොළොස් හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කළේ යැයි පැවසෙන හිමි නමක මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (16දා) නියෝග කළේය. මොරටුව, එගොඩ උයන විහාරස්ථානයක වැඩ විසූ 65 හැවිරිදි වයෝවෘද්ධ හිමිනමක මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර හිමියන් සමග අගතියට පත් දැරියගේ මව කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වනු ලබන බවත්, මීට සති දෙකකට පමණ පෙර ගල්කිස්ස ප්‍රදේශයේ ඇති නිවාස සංකීර්ණයක නිවසකට දැරිය තම මව සමග ගිය අවස්ථාවේදී එකී හිමි නම දැරියගේ මවට යම් දෙයක් බීමට දීමෙන් පසුව මව මත්වී නින්දට වැටුණු බවත්, අනතුරුව හිමි නම තමන්ට අතවර කළ බවත් පවසමින් දැනට මවගෙන් වෙන්වී සිටින පියා සමග පොලිස් ස්ථානයට පැමිණි දැරිය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ.



මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදී සැකකාර මව සිය දියණිය අපයෝජනය කිරීමට සැකකාර හාමුදුරුවන්ට ලබාදී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සදහන් කළේය. ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසුවියගේ මව වෙනුවෙන්  ජ්‍යෙෂ්ඨ නීතිඥ රත්නා ගමගේ මහත්මිය පෙනී සිටි අතර සැකකාර මව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. බරපතළ ලිංගික අතවරයට පත් දියණිය මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සදහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයිද පොලීසිය පැවසීය.