යම් වස වර්ගයක් සිරුරට හිතාමතාම ඇතුළු කර ඇති බව කියමින් එම වස ඉවත් කිරීමට යැයි පවසා පුද පූජා පවත්වන අතරතුර ගංජා මිශ්‍ර රොටි කෑමටදී කසිප්පු ද පානය කිරීමට සලස්වා මත් වූ පසු විසි හැවිරිදි තරුණියක දූෂණය කළේ යැයි කියන මුලතිව් ඔන්ඩුසුඩාන් ප්‍රදේශයේ දේවාලයක 33 හැවිරිදි කපුවකු අත්අඩංගුවට ගත් බව ඔඩුසුඩාන් පොලිසිය පවසයි. තරුණිය දූෂණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලය පවත්වාගෙන යන නිවසේ පදිංචි අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධාරියෙක් ඊයේ 21වැනිදා පැවසීය.
දූෂණයට ලක්වූයේ යැයි පැවසෙන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක යොමු කිරීම සඳහා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මෙම විසි හැවිරිදි තරුණියගේ මවට ඇති වී තිබූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි ‘කළු දෙවියෝ වැඩ වාසය කරන බවට සඳහන් වන දේවාලයකට' ගොස් ඇත. තරුණයගේ මව පරීක්ෂා කර බැලූ දේවාලයේ කපුවා ඇයට කිසිම රෝගයක් නොමැති බවත් දියණියට කුකුළු මස්වලට ජීවම් කර කිසිවකු විසින් හෝ වසක් ශරීර ගත කර ඇති බව දැනුම්දී ඇතැයි කියති.
තරුණියගේ සිරුරට ඇතුළු කරන ලදැයි කියන වස සිරුරෙන් ඉවත් කිරීම සඳහා දින 5ක කාලයක් දේවාලය තුළ රඳවා තබාගෙන පුද පූජා පැවැත්විය යුතු බවද සැකකාර කපුවා ඇයගේ මවුපියන්ට දැනුම්දී තිබේ. පුදපූජා පැවැත්වෙන කාලය අතරතුර කිසිවකුටත් දේවාලයට ඇතුළු විය නොහැකි බවත් සැකකාර කපුවා ඇයගේ මවුපියන්ට දැනුම් දී ඇතැයිද කියති. කපුවාගේ කොන්දේසිවලට තරුණියගේ මව්පියන් එකඟවීමෙන් පසුව ඇය දේවාලයට දමා දොර වසාගෙන ඇයත් සමඟ කපුවා ද ගතකර ඇතැයි පොලිසිය කියයි.
දේවාලය පවත්වාගෙන යන නිවසේ අඹුසැමි යුවළ සහ තවත් පුද්ගලයකු දේවාලයේ ප්‍රධාන දොරටුව ළඟ කිසිවකුට ඇතුළු වීමට නොහැකි වනසේ රැකවලා සිටුවා ඇතැයි ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. සැකකාර කපුවා පසුව මෙම තරුණිය පුද පූජා පවත්වන කාමරයට රැගෙන ගොස් ඇය දූෂණය කර ඇති බවද පොලිසිය පවසයි. තරුණිය දූෂණය කිරීමට පෙර ඇයට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබාදී පසුව කසිප්පු ද පානය කිරීමට සලස්වා මත් වීමෙන් පසුව ඇය දූෂණය කර ඇති බවද බවද පොලිසිය කියයි. මේ බව ඇයගේ මවුපියන්ට දැනුම් දීමෙන් පසුව මවුපියෝ දියණියද කැටුව ඔඩ්ඩුසුඩාන් පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කළහ. මෙම සිද්ධියට අදාළව තරුණියගෙන් ලබාගත් ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වා ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments