පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා නිදහස් ජනතා සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතා මෙසේ පැවසීය.
"විශාල පිරිසක් විපක්ෂයේ ආණ්ඩුවට එකතු වෙන්න යනවයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරා. එක් කෙනෙක්වත් ආණ්ඩුවට එක් වෙලා නෑ. ත්‍රස්ත විරෝධී පනත මේ රටේ ජනතාවට කට හොල්ලන්න බැරි තරමට ආණ්ඩුව මොන වරදක් කරත් ඒකට විරුද්ධව වචනයක්වත් බැරි විදියට ප්‍රශ්ණ කරන්න පුළුවන් විදියට පුළුවන් පනතක්. මහ බැංකු පනත සම්පූර්ණ ඉරලා විසි කරන්න ඕනේ. ඒ තරම් දුර්වල වැරදි පනතක්. සංශෝධන රජය පිළිගන්නෙ නැත්තම් අපි මේකට එකඟ වෙන්නේ නෑ.
ඊයේ උදේ හරිම අපූරු දෙයක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ අධිකරණ ඇමතිවරයා දිගින් දිගටම කියන්න හැදුවා මේ විවාදය ගන්න එපා කියලා. බියක් ඇතිවෙලා තියෙනවා මේ විවාදය සම්බන්ධයෙන්. විපක්ෂය අද විපක්ෂයේ කාර්ය භාරය හොඳින් කරමින් ඉන්නවා කියන කාරණය පැහැදිලි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2022 ජනවාරි සහ මාර්තු මාසය ඇතුළත ඩොලර් බිලියන 3.1ක් ණය ගෙව්වා. එ නිසා තමයි තෙල් ගන්න සල්ලි නැති වුණේ. ඊට පස්සේ ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 3.9ක්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එක සතපහක්වත් ගෙව්වේ නෑ. මේක වික්‍රමයක් කියලා හිතන මෝඩ මිනිස්සුත් සමහර උගත්තු කියන අය අතරෙම ඉන්නවා.
අද මේ රටේ ව්‍යාපාරිකයෝ දන්නවා මේ රටේ ආර්ථිකේ වලපල්ළට යමින් තිබෙනවා කියලා. මාර්තු මාසේ ඉඳළා මැයි මාසේ වෙනතුරු, IMF එක එන්නනනේ තිබුණෙ. එහෙනම් මේක හරියන්න එපැයි. දිගින් දිගටම කඩා වැටිලා. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරාම මේ රටේ ජනතාවගේ බැංකු පද්ධතියට, අර්ථ සාධක අරමුදළට මේ සියල්ලටම කප්පාදුවක් එනවා කියලා ආණ්ඩුව දිගින් දිගටම කිව්වා. දැන් ඔන්න නිරුවත හෙළි වෙලා. දැන් පිළිගන්නවා දේශීය ණය තමයි ඉස්සෙල්ලම ප්‍රතිව්‍යූහගත කරන්නේ කියලා. මේ කරලා ජීවිත කාලෙම රස්සාව කරලා ඉතුරු කරගත්ත අර්ථ සාධක අරමුදළ කප්පාදු වෙනවා. මේක තමයි IMF ගිවිසුම පිළිගත්තේ.
කාටත් හොරෙන් අර්ථ සාධක අරමුදළේ කීයද දීලා තියෙන්නේ ගිය අවුරුද්දේ මහජන බැංකුවේ ප්රතිලාභ 9%යි. ඔබේ මුදල් මේ විදියට වංචා කරලා තියෙන්නේ. පසුගිය රජයන් වලින් ගත්ත ණය වලින් විශේෂයෙන්ම රට බංකොළොත් වෙන්න හේතු වුණේ යහපාලන ආණ්ඩුව ගත්ත ඩොලර් බිලියන 12.5."
0 Comments