narammala-egg-incident

ඊයේ නාරම්මල ප්‍රදේශයේදී බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ගිය වැටලීම සඳහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසක් පහරකෑමට ලක්වී තිබුණි.


ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් පිරිසෙන් පුද්ගලයින් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 4ක් වෙයි.
සිද්ධියෙන් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුණි.
ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.