nittambuwa-bus-accident

අද 05 වන දින උදෑසන කාලයේ නිට්ටඹුව පොලිස් වසමේ කජුගම ප්‍රදේශයේ ඩී.ඩී.කේ වංගුව අසලදී නුවර සිට මීගමුව දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා කොළඹ සිට මූතූර් දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථයේ රියදුරන් දෙදෙනා, කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා 23 දෙනෙකු වතුපිටිවල රෝහලටත් 04 දෙනෙකු වරකාපොල රෝහලටත් ඇතුලත් කර ඇත. වතුපිටිවල රෝහලට ඇතුලත් කර සිටි 06 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.
 අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.