ඩෙංගු රෝගී තත්ත්වය සඳහා පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කිරීම මරණ ඇති වීමට හේතුවක් ලෙස සැක කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශය අවධාරණය කරන්නේ, ඩෙංගු තත්ත්වය සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කිරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ ප්‍රකාශකයෙක් මෙසේද පැවසීය."ඩෙංගු උණ නිසා ඇති වන තද උණ රෝගී තත්ත්වය, අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයන් පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති- ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර,
දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කරන පුද්ගලයන් අතර මරණ කිහිපයක්ද වාර්තා වී තිබෙනවා.
ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්රොස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළෙඳ නාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිත වෙනවා. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේදී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් සිදු වන්නට ඉඩ තිබෙනවා. මේ දිනවල ඔබට උණ ඇති වුවහොත් මුලින්ම කළ යුත්තේ, හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරිම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිත කිරීමයි.
උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම්, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදුකළ යුතුයි. ඔබට යම් රුධිර පර්ෂක්ෂණ නියම කර ඇත්නම්,
උණ තත්ත්වය පහව ගියත් එම පක්ෂණවල වාර්තා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීමත් සුදුසු වන්නේ නැහැ."
නිදර්ශනි වික්‍රමසිංහ
0 Comments