සිය පියාගේ කරදර සහ ලිංගික අඩත්තේට්ටම් ඉවසාගත නොහැකිව කලකිරීමට පත්ව හොර රහසේ නිවසින් පලා ආ දියණියන් තිදෙනකු සහ පුතකු පානදුර ගුවන් පාලම ආසන්නයේ ආතර් වී දියෙස් උද්‍යානයේ රැඳී සිටියදී පෙරේදා (13) සොයාගත් බව පානදුර පොලිසිය පවසයි. මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අය බවත් පිළිවෙළින් දියණියන් තිදෙනා වයස අවුරුදු 19, 15, 13 වියේ පසුවන බවත් ඔවුන්ට 11 හැවිරිදි සහෝදරයකු සිටින බවත් පානදුර දකුණ පොලිසිය පවසයි.මොවුන් සිව්දෙනාගෙන් අවුරුදු 19 දියණිය හැර අනිකුත් තිදෙනාම පාසල් යන වයසේ පසුවන අය බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම දරුවන්ගේ මව මීට වසරකට පමණ පෙර විදේශගත වී ඇති බවත් මව විදේශගතව සිටින කාලයේදී මොවුන් පියාගේ ලිංගික අඩත්තේට්ටම් හා වධ බන්ධනවලට මැදිවී ඇති බවත් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දහ නව හැවිරිදි දියණිය සිය පියා විසින් දූෂණයට ලක් කොට ඇති බවත් පහළොස් හැවිරිදි දියණියට වරින් වර ලිංගික අතවර සිදු කොට ඇති බවත් සිදුකරන ලද පරීක්ෂණ වල දී අනාවරණය වූ බව පොලීසිය කියයි.
එකම දිනකදී අවස්ථා දෙකකදී එම දරුවන් සිව්දෙනා සිය පියාට බොරු පවසා රෝහලින් බෙහෙත් ගන්න යන බවට කියමින් නිවසින් පලා විත් නුවර ප්‍රදේශයෙන් ජා ඇල ප්‍රදේශට පැමිණ ඇති බව පොලීසිය කියයි.
දහ නව හැවිරිදි සහෝදරිය සිය සහෝදර සහෝදරයන් රැක බලා ගැනීම සඳහා පානදුර ප්‍රදේශයෙන් කුලී නිවසක් ගෙන රැකියාවක් සිදුකොට ඇති බව වැඩි දුරටත් කරන ලද විමර්ශන වලදී අනාවරණය විය. පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා වෙත ලැබුණු තොරතුරක් මත එම දරුවන් සිවුදෙනා පානදුර පොලිසිය වෙත රැගෙන ගොස් කෑම බීම දී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරනු ලැබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිසිය කියයි. ලිංගික අතවරයට ලක්වූ වැඩිමහල් දියණියන් තිදෙනා රෝහල් ගත කරනු ලැබ සිටින බවත් හෙට (15 වැනිදා) මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පානදුර දකුණ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය පවසයි.
සමන් කාරියවසම්
0 Comments