piyath-nikeshala-arrested

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල ඊයේ (10) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙයි.
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය.



ඊට පෙර පියත් නිකේෂල ට පහර දීම මත හිටපු නි. නගරාධිපති අබේරත්නවද අත්අඩංගුවට ගෙන තිබූ සිදුවීමක් වාර්තාවී තිබුණි.
ප්‍රහාරයෙන් තුවාල ලද නිකේෂල කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලැබූ අතර අත්අඩංගුවට පත්වන විට අබේරත්න ද රෝහල් ගතව සිටියේය.

පසුගිය වසරේ මැයි 9 වන දින සිදුවූ සිදුවීම්වලට අදාල වීඩියෝවක් නිකේෂල විසින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම ප්‍රහාරයට හේතුව බව පොලිසිය පැවසීය.