පසුගිය මැයි 9 වනදා අරගලය සමයේ දී තමන්ට එක්තරා නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු විසින් සිදු කරල ලද පහර දීමක් සහ ඒ හා සම්බන්ධව තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව අරගල ක්‍රියාකාරී පියත් නිකේශල මාධ්‍ය වෙත මෙසේ කරුණු පැහැදිලි කලේය.
"පසුගිය දවසේ මට එල්ල වූ මිලේච්ච මැර ප්‍රහාරයත් සමඟ මිලේච්ච දේශපාලන සංස්කෘතිය නැවතත් හිස ඔසවමින් පවතිනවා. නියෝජ්‍ය නගරාධිපති මැයි 9 අරගලයට පහර දෙනවා සිරස ටීවී එකේ ලයිව් එකේ පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා. ඔහුගේ එක කනක ඔහු ප්ලාස්ටරයක් දාගෙන ඉන්නේ.
තරුණයන් මොහුට ගහලා දානවා බේරේ වැවට. බේරෙ වැවේ විඩීයෝ එකක් දැම්මයි කියලා තමයි මට ඇවිල්ලා පහර දෙන්නේ.
මේ වීඩියෝ එක දාපු ගමන් මොහුගේ යාළුවෙක් මැසෙන්ජර් මඟින් මට තර්ජනය කරනවා මචන් ඕක අයින් කරගනිම් මුං එනවා උඹව හොයාගෙන ඕක නම් කරන්න එපා, උඹට අනිවාර්යයෙන් රිටන් එකක් හම්බවෙනවා කියලා. ඒ ගැන මට සාක්කි තියෙනවා. 9 වෙනිදා රාත්‍රියේම මගේ නිවසට එනවා ඔත්තු බලන්න. සීසීටීවී තියෙන හින්දා ඔවුන් හැරිලා යනවා. ඊට පස්සේ 10 වෙනිදා මම වැඩ ඇරිලා එනනකම් රැකලා ඉඳළා පහර දෙන්නේ. ඒ වීඩියෝ එකේ මේ කල්ලිය එන්නෙ අත් වලට ග්ලවුස් දාගෙන. ඉතාමත් පැහැදිලියි ඔවුන් ගොතන කතා බොරු කියලා. මේ ගොල්ලෝ මගේ ෆෝන් එක උස්සන් ගියා. හැබැයි ගෞරවයෙන් බුදු සරණයි ෆෝන් එක ඒගොල්ලෝ ගාව, විඩීයෝ එක මං ගාව. අත්ඩංගුවට අරන් ඉන්නෙ මේ නියෝජ්‍ය නගරාධිපති විතරයි. සමහර අපාරාධකාරයෝ ඉන්නේ තලංගම පොලීසියට පයින් යන දුර.
මම ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබනකොට මෙන්න පොලිස් නිලධාරීන් එනවා මාව අත්ඩංගුවට ගන්න. ඔවුන් පැහැදිලිවම කියනවා මෙයාට ඇප දීමට අපි විරුද්ධයි කියලා.මේක උභතෝකෝටික ප්‍රශ්නයක්. අර මුල්ලේරියාව රෝහලේ ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ ආතල් එකේ ඉන්න නියෝජ්‍ය නගරාධිපතිට ඇප දීමට කිසිම විරුද්ධත්වයක් නෑ. මේක දේශපාලන පක්ෂයක් නෙමෙයි ත්‍රස්තවාදී සංවිධානයක්."
0 Comments