නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයේ දෙදරු පියකු අමානුෂික ලෙස ලි මුගුරු හා යකඩ පොලු වලින් පහර දී තියුණු ආයුධවලින් කපා මරා දමා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නිලාන් ප්‍රියංකර ජයලත් නැමති දළුව නිර්මලපුර පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා 30 දින සවස දළුව ක්‍රීඩාංගනයෙහි ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් විමකින් පසුව ගැටුමක් ඇති කරගෙන තිබු බව කියයි.
ගැටුමින් පසු එදිනම රාත්‍රියෙහි මියගිය අය සැකකරුගෙ නිවස අසලට ගොස් සිටියදී සැකකරු හා ඔහුගේ පුතකු එක්වි ලී මුගුරු වලින් හා යකඩ පොලු වලින් අමානුෂික ලෙස පහර දි තියුණු ආයුධ වලින් කපා මරා දමා තිබු බව පොලිසිය කියයි.
මියගිය අය දළුව ප්‍රදේශයෙ එළවළු වගා බිම් වල දෛනික කුලි පදනමට රැකියාවේ යෙදුන අයෙකී.
සෑම ඉරු දිනකම දළුව ක්‍රීඩාංගනයෙ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයින් සමග ඔහු සෙල්ලම් කිරීමට එක්වන බව පැවසෙයි.
එලෙස 30 වනදාත් ක්‍රීඩා කරමින් සිටියදී කිසියම් කරුණක් මුල් කර ගනිමින් සැකකරු සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් එය මෙම ඝාතනයට මුල් වී ඇති බව වාර්තාවෙයි.
මියගිය දෙදරු පියා ද මත්පැන් භාවිතයට හුරු වු අයකු වන අතර සිද්දිය සිදුවූ අවස්ථාවේ බීමත්ව සිට ඇත.
ඝාතන සැකකරුද අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වුවකු බව පොලිස් පරීක්ෂණ වලදි හෙළිව තිබේ.
මියගිය දෙදරු පියාගෙ බිරිද හා පවුගේ ඥාතින් පවසන්නේ මෙම ඝාතනය සිදුකල තැනැත්තා ‘පොළගා‘ නැමති අන්වර්ථ නාමයෙන් හැදින්වෙන බවත් මීට පෙර පුද්ගලයින් කිහිපදෙනෙකුටම පහර දී තියුණු ආයුධ වලින් කපා දරුණු තුවාල සිදු කර ඇති බවත්ය. බන්ධනාගාර ගත ව සිට මෑතක එළියට පැමිණි අයකු බවද වාර්තා විය.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතා ඇතුළු පිරිස මේ වන විට නිවස අතහැර පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
පොලිසිය සැකකරුවන් අල්ලාගන්නට පරීක්ෂණ මෙහෙයවයි.
0 Comments