prasanna-ranaweera-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර නතාෂා ගැන මෙසේ අදහස් දක්වා ඇත.

"නාතාෂා කියන්නෙ සමාජ ක්‍රියාකාරිනියෙකුත් නෙමෙයි. මම නම් ඇහුවේ මේ ඊයේ පෙරේදා බුදු දහමට ගරහන විදිය. අපි දැඩි පිළිකුලෙන් යුක්තව විශ්වාස කරනවා ඔය මිනිස්සුනව ප්‍රතික්ශේප කර යුතුයි. බුද්ධ සාහිත්‍ය නැතිව බුදු දහම පවතින්නෙ නෑ. අපි මුලින්ම අභිධර්මය කියලා දෙන්න ගියොත් එහෙම අපේ අම්මලා දන්නෑ.

ඉතින් මේ බුද්ධ සාහිත්‍යට ගරහලා බුදු දහම විනාස කිරීම තමයි මේ වැඩ කටයුතු කරන්නේ. දැඩි දඬුවම් පැමිණිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.

අනිවාර්‍යයෙන් ප්‍රමාණවත් අණ පනත් පැමිණිවිය යුතුමයි. අපි ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. අනිත් ආගම්වලට නිගා නොකර අන් ආගම්වලට ගරු කරමින්, මුදල් මත ගනුදෙනු කරනවනම් දැඩි ලෙස නැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. ඕන පුද්ගලයෙකුට පුළුවන් සමාව ඉල්ලන්න, ඒක දියයුතු කාරණාවක් නෙමෙයි. කන්න බැරිකමට අල්ලපු ගෙදරින් කොස් ගෙඩියක් කඩා ගත්තොත් පොල් ගෙඩියක් කඩා ගත්තොත් ඒකට අපිට සමාව දීම දේවගතියක්. හැබැයි මේ වගේ ආගම් වලට විවේචනය කරලා බුදු දහම විනාස කරලා, එහෙම විනාස කරන අයට එය දියයුතු නෑ."