ranil-2048-range-bandara

එක්සත් ජාතික පක්ෂයේ පැවැති මැයි දින රැළිය අමතමින් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

"එක්සත් ජාතික පක්ෂය හැමදාම අභියෝග භාරගත්තා. අපේ විප්ලවීය නායකත්වයක් දුන්නා ජේ.ආර් ජයවර්ධන මහත්තයා. ඇවිදින ඇටසැකිළි තිබුණු රාජ්‍යක් භාරගන්න වුනේ. එතුමා ආයෝජන කලාප 3ක් රටේ ඇතිකරමින් රස්සාවක් කරන්න ආර්ථිකයක් නිර්මාණය කරා. ත්‍රී රෝද රථය ගෙදරට හඳුන්වලා දීලා මේ රටේ ප්‍රවාහනය ශක්තිමත් කරන්නට කටයුතු කරා. ප්‍රේමදාස මහත්තයා උතුරෙන් ත්‍රස්තවාදය මර්දනය කර ගත්තා. දකුණේ ත්‍රස්තවාදය සමස්ථ වශයෙන්ම මර්දනය කරන්න සමත් වුණා.



රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රටේ අංක එක නායකත්වය රටේ ජනතාව දුන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිකම දුන්නෙ නැහැයි කියලා ඔබට වෛර කරන්න ගියේ නැහැ. 2001 වෙනකොට මේ රට සමස්ථ වශයෙන් ආර්ථිකය කඩන් වැටිලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධූරයේ ඉන්න අවස්ථාව වෙනකොට ඍණ 1.5යි ආර්ථික වර්ධන වේගය මාස 3ක් යන්නට ප්‍රථම ධන ආර්ථිකයක් බවට පත් වන්නට රනිල් වික්‍රමසිංහ නායකතුමා සමත් වුනා.
2015දී අංක 2 ඉඳගෙනත් රටේ ආර්ථිකය ශක්තිමත් කළා.

2022 මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තිබුනේ. මාස තුනක් යන කොට මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරලා නිසි පාලනයකට යටත් කරන්නට සමත් වෙලා තියෙනවා. ඉලක්කය 2048 ජය ගැනීම ඒකායන පරමාර්ථයයි.

සමාජ මාධ්‍ය වල කොමෙන්ට් වලින් ගහනවා 2048 වෙනකං බුදිද කියල. ඕනෑම දේශපාලන පක්ෂයක ඉලක්කයක් තියනව. අපේ ඉලංක්කය 2048. ඒ වෙනකොට රනිල් කොහොමහරි රට හදනවා"