ranil-england

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේ ය.
ඒ, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහායි.


ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන 6 වැනි දා පැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.