ranil-speaks

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දෙන්නට පැවැති සමුළුවක් අමතා මෙසේ පැවසීය.
"පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අපි දකින්නේ සභා ගර්භය ඇතුළේ විතරයි. වාද විවාද ඇර අනෙත් සියළු වැඩ කටයුතු වලට ඔබට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. මේ ලෝකේ පළවෙනි වතාවට සිදුවෙලා තියෙන්නේ. සමහරු කිව්වා මේක මහ බොරුවක් කියලා. හොඳම 535 අපි මෙතනට තෝරලා තියෙන්නේ. මම වාසනාවන්තයෙක් මට ලැබුනා අවුරුදු 28 පාර්ලිමේන්තුවට ගිහින් නියෝජ්‍ය ඇමතිකමක් ගන්න.

මීට ඉස්සෙල්ලා කෑගැහුවේ එතකොටත් විසදුමක් නෑ. මම කිව්වා 225 දාන්න දියවන්නාවට. ඒක විසඳුමක් නෙමෙයි.

පාර්ලිමේන්තුව වටකරලා අල්ලගන්න යන එකත් විසදුමක් නෙමෙයි. මම කුඩා කාලේ ලංකාව ජපානෙට දෙවැනියි. අද අපි කොහෙද ඉන්නේ. මන් ඉතින් කරූ ජයසූරිය මැතිතුමාගෙන් ඇහුවා අපි කොහොමද මේක කරන්නේ කියලා. එතුමා කිව්වා අපි අධීක්ෂණ කාරක සභා අනිත් කාරක සභා වලට විශේෂයෙන්ම තරුණ නියෝජිතයෝ ඇතුල් කරමු කියලා. දැන් මිල සූත්‍ර වලින් තමයි තෙල් එහෙම ලබා දෙන්නේ. අපේ සංස්ථා ගනනාවක් ප්‍රතිව්‍යූහගත කරන්න තියෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන හිතන්න.

අපේ පාර්ලිමේන්තුව යන්නෙ 1835. අපිට වඩා පැරණියි. එහෙම පාර්ලිමේන්තු කීයද තියෙන්නේ. මට ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් එන්න කියන්න පුළුවන්. යුරෝපීය පාර්ලිමේතුවෙන් මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වයි. ඇමරිකාවෙන් අපිට ඒ අයගෙන් සහයෝගය ලබා ගන්න පුළුවන්. මන්ත්‍රීවරුත් තරුණ නියෝජිතයනුත් එකට එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ. කරූ ජයසූරිය මැතිතුමා ජනසභා පනතක් ගේනවා හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම ජන සභාවක් ඇති කරන්න. ඒකෙනුත් තරුණ තරුණියන්ට සහභාගී වෙන්න විශේෂ අවස්ථාවක් ලැබෙනවා. අවුරුදු 25ක් ගියාම ඔබ සියළු දෙනාටම කියන්න පුළුවන් අපි මෙතනින් ගත්ත පියවර නිසා තමයි අද ලංකාව දියුණු රටක් බවට පත්වෙලා තියෙන්නේ."