විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹි බව ජනපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ
සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳවෙිමසන ලදි.
විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දුන්නේය.
වාර්ෂිකව විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට අදහස් ඉදිරිපත් විය.
මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට දන්වා සිටියේය.
0 Comments